පිලිකා බෙහෙත් මිල අධිකයි.. ලාබ ආදේශක බෙහෙත් ගෙනාවා.. නිර්දේශ නොකරන දොස්තරලාට පරීක්‍ෂණ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 8, 2017

පිලිකා බෙහෙත් මිල අධිකයි.. ලාබ ආදේශක බෙහෙත් ගෙනාවා.. නිර්දේශ නොකරන දොස්තරලාට පරීක්‍ෂණ..

‘වෛද්‍යවරුන් ඖෂධ ජාවාරමෙන් මුදල් ලබාගැනීම අනුච්තයි’ සෞඛ්‍ය ඇමැති කියයි. බෙිරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ධීවර සංගම්වල දරුවන්ට පාසල් උපකරණ ඛෙදාදීම වෙනුවෙන් බෙිරුවල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකින් පසු මාධ්‍යට අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය.

‘පිළිකා නාශක ඖෂධවල මිල අධිකයි. එම නිසා මට අවශ්‍ය වුනා ඊට ආදේශකයක් ඉදිරිපත් කිරීමට. ඒ අනුව රුසියාවෙන් ඖෂධයක් ආනයනය කර රෝහල්වලට ඛෙදාහැරීයා. එම ඖෂධය ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පිළිකා නාශක ඖෂධයක් ලෙස පිිළිගෙන තිඛෙනවා. මෙි ආකාරයට ඉන්දියාවෙන් ද තවත් ඖෂධ වර්ග දෙකක් ආනයනය කිරිම සදහා මෙි වනවිට අධ්‍යයන කටයුතු සිදු කරනවා. 


රුසියාවෙන් ආනයනය කළ ඖෂධය රෝගීන්ට ලබාදීම ඇතැම් වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කළා. ඖෂධවල හොද නරක විශ්ලේෂණය කිරීමට ඖෂධවෙිදය පිළිබද උගතුන් සිටිනවා. මීට පෙර රෝගීන්ට ලබාදුන් පිළිකා ඖෂධය රුපියල් දෙලක්ෂ 80,000 කට තමයි අලෙවි කළේ. නමුත් නව ඖෂධය ඊට වඩා එක්ලක්ෂ 50,000 කින් අඩුයි. මෙම ඖෂධය රෝගීන්ට ලබාදීම ප්‍රතික්ෂේප කරන වෛද්‍යවරුන් පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශණයක් සිදු කළා. 

එම විමර්ශණයට අනුව මෙි වනවිට එක් වෛද්‍යවරයෙකු පමණයි ඖෂධය ලබා නොදෙන්නේ. මෙි අතර මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් 14 දෙනෙකු එකවර ඩෙන්මාර්කයේ සංචාරයකට ගොස් තිඛෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණු වාර්තා වුනා මෙම සංචාරයට මූල්‍ය ප්‍රතිපාදන ඖෂධ සමාගමක් විසින් ලබා දී ඇති බවට. එම නිසා මෙි පිළිබදව පරීක්ෂා කිරීමට අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිසම් සභාවට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙින්තුවට පරීක්ෂණ බාරදීමට මම තීරණය කළා. 

මුදල්වලට වහල් වෙමින් නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ රෝගීන්ට ලබාදෙන ඖෂධ ප්‍රතික්ෂේප කිරීමට වෛද්‍යවරුන්ට හැකියාවක් නැහැ. ඊට විරුද්ධව මම ක්‍රීයා කරනවා. මෙයත් ඖෂධ ජාවාරමෙි තවත් කොටසක්. වෛද්‍ය වෘත්තීකයන් ඖෂධ ජාවාරමෙන් මුදල් ලබා ගන්නවා නම් එය එම වෘත්තීයට ගැලපෙන්නේ නැහැ. පිවිතුරු වෛද්‍ය ක්‍රමයක් ස්ථාපිත කිරීම මාගේ අරමුණයි.” යැයි ද වැඩිදුරටත් පැවැසීය.

– නිපුන් ඒකනායක

No comments:

Post a Comment

Post Bottom Ad