බහුතරය ගත්තොත් ආණ්ඩුව පෙරලෙනවා.. ජනාධිපති දන්න නීතියක් නෑ.. – ජනපති නොදන්න නීතිය සියළු නීතීඥයින්ගේ ගුරුතුමා කියා දෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 8, 2017

බහුතරය ගත්තොත් ආණ්ඩුව පෙරලෙනවා.. ජනාධිපති දන්න නීතියක් නෑ.. – ජනපති නොදන්න නීතිය සියළු නීතීඥයින්ගේ ගුරුතුමා කියා දෙයි..

ජනාධිපති සහ කතානායක සිටින තුරු අගමැතිවරයා වෙනස් කර නව ආණ්ඩුවක් බිහිකිරීමට ඉඩක් නැති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කර ඇති ප්‍රකාශය සාවද්‍ය හා පදනම් විරහිත ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

ව්‍යවස්ථාවට අනුව නව අගමැතිවරයකුගෙන් සමන්විත නව ආණ්ඩුවක් බිහිකිරීමට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තු බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත මිස ජනාධිපති හෝ කතානායකගේ කැමැත්ත නොවන බව පැවසූ පීරිස් මහතා කවුරු හෝ දෙන ලද වැරැදි උපදෙස් මත ජනාධිපතිවරයා වැරැදි ප්‍රකාශයක් කර ඇති බවත් පෙන්වා දුන්නේය.

මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මේ බව ප්‍රකාශ කළේ උඩුගම්පොළ රෙජී රණතුංග සමරු ශාලාවේ දි  පැවැති පළාත් නියෝජිතයන් සඳහා පැවැති වැඩමුළුවක ප්‍රධාන දේශනය පවත්වමිනි. දේශය යළි ගොඩනගමු ලෙස නම් කර තිබුණු මෙම වැඩමුළුව ශ්‍රී ලකා පොදුජන පෙරමුණේ අධ්‍යන කවය සංවිධාන විසින් සංවිධාන කර තිබුණි.

මේ වැඩමුළුව සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ප්‍රසන්න රණතුංග, සිසිර ජයකොඩි, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර යන මහත්වරු ද සහභාගී වී සිටියහ.

එහිදී අදහස් දැක් වූ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව වසර හතරහමාරකට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ. හැබැයි කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ පාර්ලිමේන්තුව තුළ නව රජයක් ඇති කරන්න බැහැ කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට අගමැති ධූරය දරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනා ගත් පුද්ගලයාටයි.

දැන් මන්ත්‍රිවරුන් අතර ලොකු වෙනසක් ඇති වෙමින් තිබෙනවා. ප්‍රියංකර ජයරත්න ඇමැතිතුමා දැනටමත් ආණ්ඩුවෙන් අයින් වෙලා. ඒ හෙලවුණු පළවෙනි ගඩොල. තව හුඟක් අය කතා බහ කරමින් ඉන්නවා අපිට එන්න පුළුවන්ද, අපිව පිළිගන්නවද කියලා අහනවා. ඉදිරි සති කීපය තුළ මේ තත්ත්වය රටට දැක ගන්න ලැබේවි. එතකොට පාර්ලිමේන්තුව තුළ කාගේ නායකත්වය ද පිළිගන්නේ කියන එක ගැන යළි හිතන්න වෙනවා.

ඒ ගැන ජනාධිපතිවරයාට අභිමතයක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව එතුමාට සිදු වෙනවා ආරාධනා කරන්න පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනා ගත් පුද්ගලයාට ආණ්ඩුවක් පිහිටුවන්න කියලා. කථානායකවරයාට මේ ක්‍රියාදාමයේ කිසිදු වගකීමක් බලයක් නැහැ. කථානායකවරයාගේ කැමැත්ත නොවෙයි මෙහිදී වැදගත් වන්නේ පාර්ලිමේන්තු බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්තයි.

මෙවැනි තත්ත්වයක් මතු වුණාම ජනාධිපතිවරයාටත් විකල්පයක් නැහැ. බහුතර කැමැත්ත නැති අගමැතිවරයකුට රට පාලනය කරන්න බැහැ. මහින්ද මහත්තයා ඒ නිසයි කිව්වේ මම මේක කරනවා කියලා. කරන්න ක්‍රමවේදයකුත් තියෙනවා. ‍ඒ ක්‍රමවේදය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල ක්‍රමවේදයක්. මෛත්‍රීපාල ජනාධිපතිවරයා කියන්නේ දෝෂාභියෝගයක් ගෙනාවොත් කටයුතු කරන විදියයි. ඒකයි මේකයි දෙකක්. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතාට මේ වසර තුළ ආණ්ඩුවක් බිහිකරන්න පුළුවන්කමක් තිබෙනවා.

මේ ආණ්ඩුව ‍එකම බොරුවක්. වංචාවක්. ඒ වගේම මිත්‍යාවක්. වොක්ස්වැගන් සමාගම පිළිබඳ සිද්ධිය ඒකට හොඳ උදාහරණයක්. වොක්ස්වැගන් එනවා යැයි ආණ්ඩුව ලොකු ප්‍රචාරයක් දුන්නා. ජනාධිපති ගිහින් මුල්ගලත් තිබ්බා. ජර්මන් තානාපති කාර්යාලයත් අදාළ සමාගමත් කියනවා අපේ රටේ මෙහෙම ආයෝජනයක් වෙන්නේ නැහැ කියලා. මුලින්ම අගමැතිවරයා හොරෙක් බව මහ බැංකු හොරකමින් පැහැදිලි වුණා. මේ සිද්ධියෙන් පැහැදිලි වෙනවා අගමැතිවරයා බොරුකාරයකු බව.

අගමැති කියන කතා දැන් මේ රටේ පුංචි දරුවකුවත් විශ්වාස කරන්නේ නැහැ. අපි කැමැති වුණත් අකමැති වුණත් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ නායකයා. ඔහුව බොරු කියලා රවටන එක වැරැදියි. අගමැති කියනවා හම්බන්තොට විකුණන්නේ ණය බර නිසාලු. මේකත් වොක්ස්වැගන් වගේම බොරුවක්. ලෝකයේ කිසිම රටක් මේ වගේ ජාතික සම්පත් විකුණන්නේ නැහැ. ඔය ගන්න මුදල යන්නෙත් මේ අයගේ සාක්කුවලට. චයිනා හාබර්, චයිනා මර්චන්ට් කියන දෙකම මේකට යෝජනා එව්වා. ආණ්ඩුව තෝරා ගත්තේ රටට අවාසි යෝජනාව.

හම්බන්තොට ගනුදෙනුව පිටුපස අමෙරිකානු ඩොලාර් මිලියන 100ක අතයට ගනුදෙනුවක් ඇතැයි කියන්නේ අපි නොවෙයි. ආණ්ඩුවේම පාර්ශවකරුවකු වන ජාතික හෙළ උරුමයයි. ඒකෙන් තේරෙනවා ආණ්ඩුව මේ රටේ ජනතාවට වංචා කරන බව. ඒ නිසා පැහැදිලියි අගමැති රට පාලනය කරන්නේ බොරුවෙන්, වංචාවෙන් සහ හොරකමින්.

– ප‍්‍රදීප් අනුර කුමාර

No comments:

Post a Comment

Post Bottom Ad