2020 දිත් ඉතින් සිරිසේනම තමා - දුමින්ද දිසානායක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 9, 2017

2020 දිත් ඉතින් සිරිසේනම තමා - දුමින්ද දිසානායක


2020 දී ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ශ්‍රීලනිපයෙන් ඉදිරිපත්වීමට වඩාත් සුදුසුවන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව ශ්‍රීලනිප මහලේකම්,අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

එහෙත් තමාට ජනාධිපතිවරණයට ඉදිරිපත්විය හැක්කේ එක් වතාවක් පමණක් බැව් ජනාධිපතිවරයා විසින් පවසා ඇති බව අමාත්‍යවරයා අද(09)කියා සිටියේ අනුරාධපුර පැවති ශ්‍රීලනිප කාර්යාලයේ පක්ෂ ක්‍රියාකාරීන් හමුවූ අවස්ථාවේදීය. මහින්ද රාජපක්ෂ මහතාට 2020දී ජනාධිපතිවරණයට ඉදිරිපත්විය නොහැකි බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

පාක්ෂිකයින් ලෙස අවශ්‍යව ඇත්තේ පක්ෂය දිනවීමටත්, එළඹෙන මහ මැතිවරණයේදී තනි ශ්‍රීලනිප ආණ්ඩුවක් බිහිකරලීමට බවත් සිහිපත් කළ දුමින්ද දිසානායක අමාත්‍යවරයා කියා සිටියේ රාජ්‍ය නායකයෙකු ලෙස රටට නායකත්වය දිය හැකි,වැඩක් කළ හැකි අයෙකු ලෙස සිරිසේන මහතා ඉදිරියෙන් සිටින බව අවධාරණය කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad