ඩෙංගු මැඩලීමේ ජාතික ප්‍රතිපත්තිය සෞඛ්‍ය ඇමැතිට බාරදෙයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 9, 2017

ඩෙංගු මැඩලීමේ ජාතික ප්‍රතිපත්තිය සෞඛ්‍ය ඇමැතිට බාරදෙයි 

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීම පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.
මෙහිදී ඩෙංගු මර්දනය පිළිබද ජාතික ප්‍රතිපත්තිය ඩෙංගු මර්දන ව්‍යාපාරයේ ජාතික සමිබන්ධීකාරක වෛද්‍ය හසිත තිසේරා මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට බාරදෙන ලදි. 

ඩෙංගු රෝගය යනු ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපෑමක් ඇති කරන ප්‍රධාන වසංගත රෝගයකි. ඩෙංගු රෝගීන් රැකබලා ගැනීම සදහා ප්‍රතිකාර අංශය ශක්තිමත් කිරිම මෙන්ම මදුරු මර්දන කටයුතු ශක්තිමක් කිරිම ද වැදගත් කාර්යභාරයක් වන අතර ඒ සදහා ජාතික ඩෙංගු මර්දන ඒකකය මගින් විශේෂ තාක්ෂණික කමිටුවක සහභාගීත්වයෙන් ක්ෂේත්‍ර අත්පොතක් සම්පාදනය කොට ඇත.

මෙම අත්පොත ක්ෂේත්‍ර තුලදී මදුරු ආවේක්ෂණ හා මදුරු මර්දනයට අදාල සියළුම තාක්ෂණික උපදෙස් අන්තර්ගත කොට සකස් කර ඇත. මේ මගින් දිවයිනේ සියඑම ප්‍රදේශ තුල සිදු කරනු ලබන මදුරු මර්දන කටයුතු තවදුරටත් ශක්තිමත් කිරිම මෙන්ම මදුරු මර්දනය ප්‍රමිතිකරණය කිරිමකට භාජනය කොට මෙහි ගුණාත්මකභාවය වැඩි කිරිමට උපයෝගී කර ගනු ලැබේ.

ඉදිරියේදී මෙම අත්පොත යොද ගෙන ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය පුහුණු කිරිමි සිදු කිරිමටත් ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් අධික්ෂණය කිරිමටත් මෙම අත්පොත ඉවහල් කර ගනු ලබන අතර අනෙකුත් ඩෙංගු මර්දනයට අදාල සියඑම ආයතනවල වගකිම හා කාර්යභාරය පැහැදිලිව දක්වා ඇත. මෙම අත්පොත ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරව භාවිතා කිරිමට හැකි ආකාරයට සම්පාදනය කොට ඇති නිසා එහි ප්‍රයෝජන ඩෙංගු උවදුරට මුහුණ දෙන අනිකුත් රටවලටත් උපකාරි වේ. 

No comments:

Post a Comment

Post Bottom Ad