ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වෙඩි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 9, 2017

ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වෙඩි

ඇෆ්ගනිස්තාන් වමත් වේගපන්දු යවන ක්‍රීඩක ෂාපූර් ෂර්දාන් කාබුල් නගරයේදී සාහසික වෙඩි ප්‍රහාරයකට ලක්වී ඇත.

ඔහු සෙනසුරාදා රාත්‍රියේ සිය නිවස බලා යන අතරතුර මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත. එහෙත් ඇෆ්ගනිස්තාන් ක්‍රිකට් පාලක මණ්ඩලය මේ සිදුවීම පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත.

මීට පෙර අවස්ථා කිහිපයකදී මොහු මෙලෙස ප්‍රහාරයන්ට ලක්ව ඇති අතර, මෙහි වගකීම කිසිදු සංවිධානයක් හෝ පුද්ගලයකු මේ වනතෙක් භාරගෙන නොමැත. ෂර්දාන් 2016 වසරේ නෙදර්ලන්ත, ස්කොට්ලන්ත හා අයර්ලන්ත ක්‍රිකට් සංචාරයක් සිදුකරමින් දක්ෂතා දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad