ශ්‍රී ලංකාව තුළ ඒකීය රාජ්‍යය පිළිගන්නේ නැති බව ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා දැනුම් දී ඇත.
ද්‍රවිඩ සන්ධානයට අවශ්‍ය එක්‌සත් ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදා හැරීම බවද හෙතෙම තවදුරටත් දන්වා ඇත.
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සම්බන්ධන් මහතා ප්‍රමුඛ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්‌ථාවේදීද ද්‍රවිඩ සන්ධානයේ මෙම ස්‌ථාවරය ගැන ප්‍රකාශ කර ඇතැයිද ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍යය තමන් පිළිගන්නේ නැති බව ද්‍රවිඩ සන්ධානය රජයට සෘජුව ප්‍රකාශ කළ මුල් අවස්‌ථාව මෙයයි. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති සාකච්ඡාවලින් පසුව ද්‍රවිඩ මාධ්‍ය වෙත කරුණු දක්‌වා ඇති ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ආර්. සුමන්තිරන් මහතා පැවසුවේ ඒකීය රාජ්‍යයක් තුළ තමන් පාලනය වීම සඳහා ද්‍රවිඩ ජනතාව ද්‍රවිඩ සන්ධානයට වරයක් දී නැති බවයි.
සාධාරණ බලය බෙදීමක් මත පොලිස් හා ඉඩම් බලතල ද අවශ්‍ය බව ද්‍රවිඩ සන්ධානය තවදුරටත් දන්වා ඇත.
– දිවයින
Thursday, December 22, 2016
Home
දේශපාලන පුවත්
ඒකීය රාජ්‍ය පිලිගන්නේ නෑ.. පොලිස්, ඉඩම් බලය සහිත බලය බෙදීමක් ඕනෑ.. – TNA නිල ලෙස ආණ්ඩුවට දන්වයි..
ඒකීය රාජ්‍ය පිලිගන්නේ නෑ.. පොලිස්, ඉඩම් බලය සහිත බලය බෙදීමක් ඕනෑ.. – TNA නිල ලෙස ආණ්ඩුවට දන්වයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment