වසරකට පිහිටවූ FCID 31 වනදායින් පසු අවිනිශ්චිත තත්ත්වයක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 20, 2016

වසරකට පිහිටවූ FCID 31 වනදායින් පසු අවිනිශ්චිත තත්ත්වයක


දෙසැම්බර් 31 දායින් කාලය අවසන් වීමට නියමිත මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) කාලය තවදුරටත් දීර්ඝ කරන්නේද නැද්ද පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි.

පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩලයට ඇමැතිවරුන් 15 දෙනකුට අධික පිරිසක් විසින් බරපතළ වංචා විමර්ශනයට වෙනම අධිකරණයක් ස්ථාපිත කළ යුතු බවට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට ඇතත් ඒ පිළිබඳව එකඟතාවකින් තොරව එම කැබිනට් මණ්ඩල රැස්වීම අවසන් වී තිබේ.

2015 පෙබරවාරි මාසයේ කැබිනට් මණ්ඩල තීරණයක් අනුව එෆ්. සී. අයි. ඩී.ය ස්ථාපිත කළේ වසරක් සඳහාය. එහෙත් 2016 ජුනි 30 දක්වාද ඉන්පසුව අගමැතිවරයාගේ ඉල්ලීම මත මේ දෙසැම්බර් 31 දක්වාද යළි කාලය දීර්ඝ කරනු ලැබීය. එංගලන්තයේ මෙන් බරපතළ වංචා සෙවීමේ ඒකකයක් ස්ථාපිත කිරීමට මීට පෙර කැබිනට් අනුමැතිය හිමි වුවද එම කටයුතු තවමත් සිදු වී නොමැත.

(දෙනගම ධම්මික රණවීර)

No comments:

Post a Comment

Post Bottom Ad