සුපිරි ඇමති පනතට ජනපති මෛත්‍රී, ශ්‍රීලනිප ඇමතිලා ඇතුළු කැබිනට් අනුමැතිය දීලා.. මාධ්‍ය ඉදිරිපිට කියන්නේ බොරු.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 23, 2016

සුපිරි ඇමති පනතට ජනපති මෛත්‍රී, ශ්‍රීලනිප ඇමතිලා ඇතුළු කැබිනට් අනුමැතිය දීලා.. මාධ්‍ය ඉදිරිපිට කියන්නේ බොරු..

පසුගිය නොවැම්බර් මස 22 වෙනි දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි අගමැතිවරයා විසින් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කරන ලද තිරසාර සංවර්ධනයට අදාළ කෙටුම්පත සහිත අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක MNPEA /2016/049 සඳහා අනුමැතිය ලබා දෙනු ලැබුවේ පාර්ලිමේන්තුවේ 2/3 වැඩි ඡන්දයකිනුත් සියලු පලාත් සභාවල එකඟතාව ලබා ගැනිමට යටත්වයි.

ඒ අනුව මේ වනවිට එම කෙටුම්පත පලාත් සභා වෙත යොමුකර ඇත්තේ ජනාධිපතිවරයාගේ උපදෙස් පිට ජනාධිපති ලේකම් පී බී අබේකෝන්ගේ අත්සනනින්ය. ඒ අනුව පලාත් ආණ්ඩුකාරවරුන් 9 දෙනා වෙත මෙම පනතේ කෙටුම්පත යොමු කොට ඇත්තේ පසුගිය සතියේදීය.

ඉහත පලාත් සභා වෙත යොමුකර එකඟතාවය අපේක්ෂිත තිරසාර සංවර්ධන පනතට මේ වනවිටත් උතුරු පලාත් සභාවේ එකග නොවන බව ප්‍රකාශ කොට ජනාධිපති ලේකම් වෙත යැවීමට උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ සමඟ කටයුතු කරමින් සිටී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛව තිබෙන පලාත් සභා 7 මේ සඳහා විරුද්ධ වන බැව් මහ ඇමතිවරුන් විසින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කොට ඇත. එහෙත් මුස්ලිම් කොන්ග්‍රසයේ මහ ඇමතිවරයෙකු සිටින නැගෙනහිර පලාත් සභාව මේ වනවිට කිසිවක් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කොට නොමැත.

එමෙන්ම පසුගිය ඔක්තෝබර් මස 25දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි අමාත්‍ය මණ්ඩල පත්‍රිකා MNPEA/16/19/23/702/067 විශේෂ සංවර්ධන (විශේෂ විධ් විධාන) පනතට පනත අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කොට කැබිනට් අනුමැතිය ලබාදී ඇත්තේ රජයේ නිතිපති ගේ නිරීක්ෂණයෙන් පසු ගැසට් කොට ඉන්පසුව ඒ සඳහා අවශ්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් 2/3 වැඩි ඡන්දයෙන් අනුමත කිරීමකට යටත්වයි. 


එම කටයුතු සඳහා විශේෂ සංවර්ධන පනතේ කෙටුම්පත අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත යවා ඇත. එමෙන්ම මේ සුපිරි බලතල සහිත ඇමතිවරයෙකු පත්කිරීමේ බලය පැවරෙන පනත් සම්බන්ධයෙන් කරුණු දැක්වූ වර්තමාන ආණ්ඩුවේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජේෂ්ඨ අමැතිවරයෙකු තම කිට්ටු හිතවතකු සමඟ පැවසුවේ “මේක පුදුම ආණ්ඩුවක් ජනාධිපති, අගමැති එක්ක එකට ඉදගෙන කැබිනට් එකේදි පෙපර්ස් ඇප්රූ කාරලා පාර්ලිමේන්තුවත් පලාත් සභා අවුස්සමින් මොනවා මේගොල්ලන් කරන්න හදනවා ද දන්නේ නැහ. 

හැබයි අද මාධ්‍ය සහ මාධ්‍ය අයතන එදා වගේ නෙවි ඔහුන් සියලුම දේ ඉන්වෙස්ටිගේට් කරනවා. කටට එන පලියට එන දේවල් කියලා මාධ්‍ය අන්දන්න ගිහිං ලගදීම හැමෝටම කෙලෝ ගන්නවා එක්කෝ මෙකේ ඇතුලේ ඉන්නවා නම් සමූහිකව වැඩ කරන්න ඕන නැත්නම් එලියට බැහලා වැඩ කරන්න ඕන” යන්නයි.

මාධ්‍ය වෙත කරුණු දක්වමින් අමාත්‍ය එස් බී දිසානායක පැවසුවේ සුපිරි බලතල සහිත අමාත්‍ය ධූරය සම්බන්ධ පනත කැබිනට් එකට ඉදිරිපත් කල අතර එය එසේ කිරීමට නොහැකි බව පවසමින් අමාත්‍ය මණ්ඩලය ප්‍රතිකේෂ්ප කල බවයි.



උපුටා ගැනීම :  ලංකා සී නිවුස්

No comments:

Post a Comment

Post Bottom Ad