ජනපතිට විශේෂ ජාත්‍යන්තර සම්මානයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 20, 2016

ජනපතිට විශේෂ ජාත්‍යන්තර සම්මානයක්

ජනපතිට විශේෂ ජාත්‍යන්තර සම්මානයක්

ශී‍්‍ර ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉටුකරන මෙහෙවර අගයමින් වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානය ජනාධිපතිවරයා විශේෂ සම්මානයකින් පුදනු ලබයි.

ඊයේ (19) පස්වරුවේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේ පැවති උත්සවයකදී ජනාධිපතිවරයා වෙත මෙම සම්මානය පිරිනැමුණු අතර වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපතිනි මහාචාර්ය Adeera Levin මහත්මිය අතින් එය පිරිනැමිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ මෙම සම්මානය ශී‍්‍ර ලංකාවේ අසරණ වකුගඩු රෝගීන්ගේ සුබසිද්ධිය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට ලැබුණු මහත් ශක්තියක් බවයි. එබැවින් සමස්ත ශ‍්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානය වෙත තම ගෞරවය පුද කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

රටේ දුගී දුප්පත් අසරණ ජනතාවට දශක දෙකකට වැඩි කාලයක් පුරා මුහුණදීමට සිදුව ඇති මෙම ව්‍යසනයෙන් ඔවුන් ගලවා ගැනීම සඳහා බොහෝ දුර ගමනක් යා යුතුව ඇති බවද සඳහන් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සියලුදෙනාගේ දායකත්වය අපේක්ෂා කරන බව ද කියා සිටියේය.

ශී‍්‍ර ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ජාත්‍යන්තරව දක්වන දායකත්වය අගයමින් මහාචාර්ය Adeera Levin මහත්මිය වෙත සහ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ඉටු කරන දායකත්වය අගයමින් විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර, වෛද්‍ය ජෝරිජි ඒබ‍්‍රහම්, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ අසේළ ඉද්දවෙල යන මහත්වරුන් වෙත උපහාර තිළිණ පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

 

No comments:

Post a Comment

Post Bottom Ad