කටුනායක රෙපයාර් නිසා මාස තුනක් තිස්සේ
දවසට පැය 8 ගාණෙ ගුවන්තොටුපළ වහලා
-මත්තල විකල්පෙ හරියන්නෑලු
පැය 5 කට පෙර චෙකින් කරන්නලු
කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ 2017 ජනවාරි 06 දින සිට මාස 03 ක පමණ කාලයක් දෛනිකව පැය 08ක් වසා දමන බව ප්‍රවාහන හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා දන්වයි.
ගුවන් තොටුපළේ ගුවන් යානා ගොඩ බෑමට හා නැංවීමට භාවිතා කරන එකම ගුවන් පථයේ නවීකරණය වෙනුවෙන් මේ පියවර ගන්නට සිදුවන බව දන්වා සිටි ඇමතිවරයා 1986 ඉදිකළ දැනට භාවිතා කරනු ලබන ගුවන් ධාවන පථය ජාත්‍යන්තර නීති අනුව වසර 20 කදී ආයු කාලය අවසන්ව ඇති බැවින් මෙය සිදු කළයුතුම කාර්යයක් සේ පැහැදිලි කළේය.
මෙම ගුවන් පථය දිගින් මීටර් 3350ක් හා පළල මීටර් 45කින් යුතුය. ජනවාරි 06 සිට අප්‍රේල් 06 දක්වා උදෑසන 08.30 සිට සවස 04.30 දක්වා ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු අත්හිටුවන බවත් වසා තැබෙන වේලාවන් අනුව ගුවන් ගමන් සංශෝධනයට පියවර ගෙන ඇති බවත් දන්වා සිටියේය.
එම කාලය තුළ දිනකට ශ්‍රීලන්කන් ගුවන් සේවාවේ ගුවන් ගමන්වාර 16ක් සහ වෙනත් ගුවන් ගමන් වාර හතරක් අත්හිටුවීමට සිදුවන බවද ඒ මහතා පැවසීය. ගුවන් පථය නවීකරණය කරන තෙක් මත්තල ගුවන්තොටුපළ භාවිතය ගුවන් සමාගම් ප්‍රතික්ෂේප කර ඇති බවත් ශ්‍රී ලංකන් ගුවන් යානා කිහිපයක් පමණක් එම ගුවන් තොටුපළට යොමු කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ගුවන් පථය නවීකරණ කටයුතු සඳහා රුපියල් බිලියන 7.2ක වියදමක් වැය වන බවත් නෙදර්ලන්ත සමාගමක අධීක්ෂණය යටතේ චීන සමාගමක් විසින් එම නවීකරණ කටයුතු සිදුකරන බවත් වාර්තා විය. ගුවන්තොටුපළේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ලබන ජනවාරි මාසයේ මුල් සතියේ සිට විදේශගතවන අයට දැනට නියමිත පැය 3 කට පෙර වෙනුවට පැය 5 කට පෙර ගුවන් තොටුපළට පැමිණෙන ලෙස සියලුම ගුවන් මගීන්ගෙන් අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.
Friday, December 23, 2016
කටුනායක රෙපයාර් නිසා මාස තුනක් තිස්සේ දවසට පැය 8 ගාණෙ ගුවන්තොටුපළ වහලා
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment