රාජ්‍ය - අර්ධ රාජ්‍ය සේවා නියුක්ති සංගණනය අදයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 17, 2016

රාජ්‍ය - අර්ධ රාජ්‍ය සේවා නියුක්ති සංගණනය අදයි

රාජ්‍ය - අර්ධ රාජ්‍ය සේවා නියුක්ති සංගණනය අදයි

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවා නියුක්තිකයන් පිළිබඳ සංගණනය අද (17) පෙරවරු 9.30 - 11.30ත් අතර පැවැත්වෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියේ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවයේ නියුතු කාර්යමණ්ඩලය ගණන් ගැනීම සහ එම කාර්යමණ්ඩල පිළිබඳ ප්‍රජා විද්‍යාත්මක, සමාජීය සහ ආර්ථික තොරතුරු රැස්කිරීම අරමුණු කරගනිමින් මෙම සංගණනය පවත්වන බවයි.

සාමාන්‍යයෙන් වසර 04කට වරක් පැවැත්වෙන මෙම සංගණනය මෙවර පැත්වෙන්නේ 11 වැනි වතාවට බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙවර සංගණනය පවත්වන ක්‍රමවේදයේ වෙනස්කම් කිහිපයක් සිදුකර තිබෙන බවද සඳහන් කළේය.

පළමු වරට රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ ආයතන පිළිබඳ මෙවර  විධිමත් ලැයිස්තුවක් සකස් කර තිබෙන බවත්, ඒ යටතේ ආයතන 28,000ක් පමණ ලැයිස්තුගතකර තිබෙන බවත් සතරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ලංකාවේ මුල්වරට රාජ්‍ය අංශයේ සංගණනයක් පවත්වා ඇත්තේ 1968දී බවත්, ඉන් අනතුරුව 1972,1976 යන වර්ෂවලදීද රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය පිළිබඳ සංගණන පවත්වා තිබෙන බවත් ඒ මහතා පැවසීය.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපරේතුමේන්තුවවිසින් ඉන්පසුව 1980,1985,1990,1994,1998,2002 සහ 2006 වසරවලදී රාජ්‍ය සේවක සංගණන පවත්වා ඇතැයිද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad