තොරතුරු නිලධාරීන් 6000ක් අවශ්‍යයයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 17, 2016

තොරතුරු නිලධාරීන් 6000ක් අවශ්‍යයයි

තොරතුරු නිලධාරීන් 6000ක් අවශ්‍යයයි

තොරතුරු දැනගැනීමේ පනත යටතේ, තොරතුරු නිළධාරීන් 500ක් මේ වන විටත් පත් කර අවසන් කර ඇති බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශ අතිරේක ලේකම් බී.කේ.එස් රවීන්ද්‍ර මහතා පවසයි.

අතිරේක ලේකම්වරයා කියාසිටියේ තොරතුරු නිළධාරීන් පත්කිරීම පිළිබඳව සියළු රාජ්‍ය ආයතන දැනුවත් කර අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි.

ඒ අනුව අමාත්‍යංශ ,දෙපාර්තමේන්තු, දිස්ත්‍රීක් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් සභාවල, පළාත් අමාත්‍යංශ, පළාත් දෙපාර්තමේන්තු ඇතුළු සියළු රාජ්‍ය  ආයතන වලට තොරතුරු නිළධාරීන් පත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව සඳහන්ය.

මෙම පනත යටතේ එක් රාජ්‍යය ආයතනයක් සඳහා තොරතුරු නිළධාරියෙකු මෙන්ම අභියාචනා නිළධාරීයෙක් ද පත් කරනු ලබන අතර ආයතන ප්‍රධානියා අභියාචනා නිළධාරීයා ලෙස කටයුතු කරනු ලබයි.

එම ආයතනයේ දෙවන මට්ටමේ විධායක නිළධාරියා, තොරතුරු නිළධාරීයා ලෙස පත් කරනු ලබන බවද අතිරේක ලේකම්වරයා සඳහන් කළේය.

තොරතුරු නිළධාරීන් 6000ක් සම්පූර්ණයෙන්ම පත් කළ යුතුව පවතින අතර සියලු පත් කිරීම් මෙම මස අවසන් වීමට ප්‍රථම නිම කරන ලෙස රාජ්‍ය ආයතන වලට දැනුම් දී තිබේ.

මෙලෙස පත්කරනු ලබන තොරතුරු නිළධාරීන් පුහුණු කිරීමේ කටයුතු ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.

එමෙන්ම රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad