ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ආසන සංවිධායක ධුරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලූම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව කියාසිටියේ ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා," ඊයේ දිනයේ අස්කරපු සංවිධායකවරු සියළුදෙනා ක්‍රියාකාරීව මේ වැඩපිළිවෙලට සහභාගී වෙච්ච අය.
ඒ සියළුදෙනාටම අතුල් පහරක් එල්ල කරමින් එයට නායකත්වය සපයපු අය ඉවත් කරන්න කටයුතු කෙරුවා. වර්තමාන ශ්‍රිලනිප නායකයින්ගේ දැඩි අධිෂ්ඨානය එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදෙන්න. මේ විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීම පිළිබඳව තීන්දු තීරණ ළඟදීම අපිට ගන්න වෙයි" යනුවෙන් පැවසීය.
වීඩියෝව පහතින්....

No comments:
Post a Comment