'සර්පයින් ඔඩොක්කුවේ තියාගෙන ගමනක් යන්න බෑ' - වික්‍රමබාහු (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 24, 2016

'සර්පයින් ඔඩොක්කුවේ තියාගෙන ගමනක් යන්න බෑ' - වික්‍රමබාහු (VIDEO)

'සර්පයින් ඔඩොක්කුවේ තියාගෙන ගමනක් යන්න බෑ' - වික්‍රමබාහු (VIDEO)

සර්පයින් ඔඩොක්කුවේහි තබාගෙන ගමනක් යාමට නොහැකි බව නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා ඊයේ (23) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියාසිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් සංවිධායකවරු ඉවත් කිරීම පිළිබඳව අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ වික්‍රමබාහු මහතා," සමහර උදවිය ඒගොල්ලො ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ සංවිධාන නායකත්වයෙන් අයින් කරගෙන යනවා. ඒගොල්ලෝ හඬ තලා කියනවා මේක හරිම ආසාධාරණයිඅපිට නිදහස නැද්ද පක්ෂය තුළ ඉදගෙන කටයුතු කරන්න. ඉතිං මම කියන්නේ අපිට සර්පයෝ ඔඩෝක්කුවේ තියාගෙන ගමනක් යන්න බෑනේ, ඒ නිසා ඒ අයව කපලා කපලා දාන්න වෙනවා. එයාලගේ ඔළුවේ තියෙන්නේ විෂ ඝෝර සර්පයින්ගේ න්‍යායන් නම් එයාලගෙන් වැඩක් නෑ" යනුවෙන් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ දිනෙන් දින පාඩු ලබන රාජ්‍ය සංස්ථාවල ඇති නිලධාරිවාදය පිටුදැකිය යුතු බවත් ඒවායේ සිටින ඇතැම් දේපළ හොරුන්ගෙන් ඒවා ගලවා ගන්නේ කෙසේදැයි ගැටළු රැසක් මතුව ඇති බවත්ය.

වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad