සමෘද්ධි නිලධාරීන්ගේ වංචා දූෂණ සෙවීමට විශේෂ කමිටුවක්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 24, 2016

සමෘද්ධි නිලධාරීන්ගේ වංචා දූෂණ සෙවීමට විශේෂ කමිටුවක් 

සමෘද්ධි නිලධාරීන්ගේ වංචා දූෂණ සෙවීමට විශේෂ කමිටුවක් 

සමෘද්ධි සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ වංචා දූෂණ සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර තිබේ.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාගේ සහභාගීත්වයෙන් යුත් එම කමිටුවට සාමාජිකයින් සිවු දෙනෙකු පත් කර ඇත.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල, විජේපාල හෙට්ටිආරච්චි, හෙක්ටර් අප්පුහාමි, සිඩ්නි ජයරත්න යන එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම සාමාජිකයින් ලෙස නම් කර ඇත.

සමෘද්ධි නිලධාරීන් හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් දීර්ඝ කාලයක පටන් ස්ථාන මාරුවීම් නොලැබීම, නීති විරෝධි අන්දමින් දේශපාලන කටයුතුවල නිරත වීම, ඇතැම් නිලධාරීන්ට වංචා දූෂණ එල්ලවීම යන කරුණු සම්බන්ධයෙන් සොයා බලා අග්‍රාමාත්‍යවරයා වෙත වාර්තාවක් ලබා දීම එම කමිටුවට පැවරී තිබේ.

 

No comments:

Post a Comment

Post Bottom Ad