මන්නාරමේ නාවික හමුදා කදවුරකට විරෝධයක් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 24, 2016

මන්නාරමේ නාවික හමුදා කදවුරකට විරෝධයක් (PHOTOS)

මන්නාරමේ නාවික හමුදා කදවුරකට විරෝධයක් (PHOTOS)

මන්නාරම පල්ලිමුනෙයි, ගෙවල් 25 නිවාස සංකීර්ණයට අයත් ප්‍රදේශයේ ඉඩම් කොටසක් නාවික හමුදා කඳවුරක් සඳහා ස්ථීරව පවරාදීමට පවතින සුදානමකට විරුද්ධව පල්ලිමුනෙයි ජනතාව ඊයේ (23) විරෝධතාවක නිරත විය.

විරෝධතාවයේ නිරතවූ ජනතාව ප්‍රකාශ කළේ සිය ගම්මානයේ ඉඩම් කොටසක් නාවික හමුදා කඳවුරක් වෙත ස්ථිරවම ලබාදීමට මිනින්දෝරු දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් මිනුම් කටයුතු සිදුකරන බවත් එයට තමන් දැඩිසේ විරුද්ධත්වය දක්වන බවත්ය.

ගම්වාසීන් වැඩිදුරටත් පැවසූවේ දැනට ගම්මානය ආසන්නයේ පවතින තාවකාලික නාවික හමුදා කඳවුර ස්ථිර ලෙස ස්ථාපිත කිරීම වෙනුවෙන් ගම්මානයේ ඉඩම් අක්කර 19 ක් ලබාදීම පිළිබඳවත් තම ගම්මානය ආසන්නයේ ආරක්ෂක අංශ කඳවුරක් ස්ථාපිත කිරීම පිළිබඳවත් තමන් දැඩි සේ අකමැති වන බවයි.

මෙම අවස්ථාවට පැමිණි වන්නි පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා මැනීම් කටයුතු සිදුකළ මිනින්දෝරු දෙපාර්තමේන්තු නිළධාරීන් වෙත කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව ඔවුන් මිනුම් කටයුතු නවතා දමා එම ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර විරෝධතාකරුවන් මැඩ පැවැත්වීම සඳහා පොලිස් නිළධාරීන් යෙදවීමට ද සිදුව තිබේ.

මෙම විරෝධතාවට උතුරු පළාත් සභා මන්ත්‍රී එස්.පි. ශ්‍රීරෙයිවා මහතා, මන්නාරම සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වී සිටියහ.

ඡායාරූප පහතින්.

වන්නි - රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad