ලේ නෑවිලා අසරණව හිටපු පුංචි ඔම්රාන් දුටු නිවේදිකාවට සජීව විකාශයේදී ඇඬෙයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 19, 2016

ලේ නෑවිලා අසරණව හිටපු පුංචි ඔම්රාන් දුටු නිවේදිකාවට සජීව විකාශයේදී ඇඬෙයි (VIDEO)

අන්තවාදී ප්‍රහාර වලින් හැමදාමවගේ බැටකන සිරියාවේ වැසියන්ට අදත් ඉතා ඛේදජනක ප්‍රහාරයකට මුහුණදෙන්න සිද්ධ වුණා. ගුවනින් එල්ලවුණු ප්‍රහාරයකින් අද මෙලෙස විනාශයට පත්වුනේ සිරියාවේ අලීපෝ නගරයේ නිවාස සංකීර්ණයක්.

මේ නිවාස සංකීර්ණයට එල්ල වුනු ප්‍රහාරයෙන් කුඩා දරුවන් තිදෙනෙක් ජීවතක්ෂයට පත්වුණා. හැබැයි මේ ප්‍රහාරය එල්ල කළේ රුසියාවෙන්. මේ ප්‍රහාරයෙන් අනතුරුව සුන්බුන් වලට යටවෙල හිටපු කුඩා දරුවෙක්ගේ ජීවිතයක් බේරාගත් අතර, ඒ දරුවා දූවිලි සහ ලේ පෙරාගෙන හිටි හැටි වීඩියෝවක් මේ වෙන කොට ලෝකයේ දැඩි කතාබහකට ලක්වෙලා තියෙනවා.

ඒ වීඩියෝව අනුව පෙනී යන්නේ අදාළ දරුවාගේ හිස ප්‍රදේශයෙට දැඩි ලෙස තුවාල වෙලා කියලයි. මේ අනතුර වාර්තා කළ රූපවාහිනි නාලිකාවක නිවේදිකාවට මේ දරුවා දැක ඇස්වලට කඳුලු එන ආකාරයත් සජීවිව දැකගන්න ලැබුණා.

එම වීඩියෝව පහතින් බලන්න…


 

No comments:

Post a Comment

Post Bottom Ad