බ්‍රසීල පොලිසිය විසින් යුරෝපා ඔලිම්පික් කමිටුවේ සභාපති පැට්‍රික් හිකී අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
මෙම ඔලිම්පික් නිලධාරියා අත්අඩංගුවට ගනු ලැබ තිබෙන්නේ ක්‍රීඩා තරඟ නැරඹීමේ ප්‍රවේශ පත්‍ර නීතියට පටහැණිව විකිණීමේ අපචාරයක් සම්බන්ධයෙන්.
පැට්‍රික් හිකී අයර්ලන්ත ජනරජයේ ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබෙනවා. සැකකාර ඔලිම්පික් නිලධාරියා ඔලිම්පික් කමිටුව සඳහා වෙන් කරනු ලැබ තිබූ තරඟ නැරඹීමේ ප්‍රවේශ පත්‍ර අතරමැදියන්ට ලබා දී ඇති අතර ඔවුන් ඒවා කළු කඩයේ විශාල මිල ගණන් වලට විකුණා ඇති බවයි වාර්තා වෙන්නේ.
කෙසේ වෙතත් පසුව සිදු කරන ලද පරීක්ෂණ වලින් හෙළි වූ තොරතුරු අනුව හෝටලයට කඩා වැදුණු පොලිස් කණ්ඩායම් පැට්‍රික් හිකී සිය පුතුගේ නමින් වෙන් කරවා ගත් වෙනත් කාමරයක සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගන්නා ලද ඔහු පසුව (Patrick Hickey) සෞඛ්‍යය ප්‍රතිකාර ඉල්ලා සිටි හෙයින් රෝහල්ගත කරන ලද බවයි රියෝ ද ජෙනේරෝ නගරයේ සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ.
Friday, August 19, 2016
ඔලිම්පික් ලොක්කාගේ අපචාර මාට්ටු – බිරිඳ නෑ කියද්දී හෝටල් කාමරයෙන් ඇල්ලූ හැටි(PHOTOS)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)



No comments:
Post a Comment