අලි ඇතුන් දුම්රියට බිලි වීම දිනෙන් දින වැඩි වීම හේතුවෙන් වන අලි ගැවසෙන දුම්රිය මාර්ගයන්හි ධාවනය කෙරෙන දුම්රිය රියදුරන් සමග පළපුරුදු වනජීවි නිලධාරීන් යැවීමටත් රාත්‍රී කාලයේ ප්‍රයෝජනයට ගත හැකි අධෝරක්ත කැමරා දුම්රිය වලට සවි කිරීමටත් වනජීවි දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇති බව වනජීවි දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක ඩබ්. කේ. එස් පතිරණ මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය 16වනදා රාත්‍රියේ මන්නාරම සිට කොළඹ බලා ගමන්ගත් රාත්‍රී තැපල් දුම්රියට වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේදී වන අලින් සිව් දෙනෙකු ගැටීමිය යාම පිළිබදව අදහස් දක්වමිනි.
මේ අනුව මෙහි මූලික පියවරක් වශයෙන් පළමුව දුම්රිය රියදුරන් සමග පළපුරුදු වනජීවි නිලධාරීන් පොලොන්නරුව හා වැලිකන්ද ප්‍රදේශවලට යෙදවීමට කටයුතු යොදා ඇති බවද අධ්‍යක්ෂක වරයා කියා සිටියේය.
එමෙන්ම මෙතෙක් ලංකාවේ කිසිදු දුම්රියකට භාවිතා කොට නොමැති අධෝරක්ත කැමරා සවි කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇතත් එම කැමරා මිල අධික වීම හේතුවෙන් මුදල් ප්‍රතිපාදනයන්හි ගැටලුවක් පවතින බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරන අතරම දිනෙන් දින විනාශ වන අලි සම්පත බේරා ගැනීමට ද විශේෂ අවධානයක් යොමු කොට පිළියමක් යෙදීමට ද වනජීවි දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
වන්නි - රොමේෂ් මධූෂංඛ

No comments:
Post a Comment