උතුරේ ලොකු වෙනසක් කරන්න රෙජිනෝල්ඩ් කුරේ සැරසෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 19, 2016

උතුරේ ලොකු වෙනසක් කරන්න රෙජිනෝල්ඩ් කුරේ සැරසෙයි

උතුරේ ලොකු වෙනසක් කරන්න රෙජිනෝල්ඩ් කුරේ සැරසෙයි
ආර්ථික දරිද්‍රතාවය නැති කිරීම සඳහා නව රැකියා අවස්ථා බිහිකිරීම, ආදායම් උත්පාදනය හා  ජීවනෝපාය සංවර්ධනය තුළින් උතුරේ ජනජිවිතය නගා සිටුවීම උතුරු පළාත් ආයෝජන සමුළුව පැවැත්වීමේ අරමුණ බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් පළ කලේ අගෝස්තු  22 වන දින පෙ.ව. 10.00 - ප.ව.3.00 දක්වා යාපනය දිසාපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත උතුරු පළාත් ආයෝජන සමුළුව පිළිබද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවේදීය.
මෙම සමුළුව සදහා දේශීය විදේශීය ආයෝජකයන්ට ආරාධනා කර ඇත. “දකුණු පළාතට නොදෙවෙනි සංවර්ධනයක් උතුරු පළාතෙත් ඇති කළහොත් පමණයි අපට සාධාරණයක් කළ බව පැවසීය හැක්කේ. මේ වන විට විදුලිය ,මාර්ග පද්ධති පාසල් සහ රෝහල් සංවර්ධනය කරමින් පවතිනවා. කදවුරුවල ජීවත් වන ජනතාවගෙන් 50% කට කවදාවත්ම ඉඩම් අයිතියක් තිබුනේ නැහැ. 

ඔවුන්ටත් ඉඩම් ලබා දෙන්න සිදු වෙලා තිබෙනවා“ යැයි ආණ්ඩුකාරවරයා මෙහිදී පැවසීය. “යාපනයේ ඇතිවී තිබෙන රැකියා ප්‍රශ්ණයට විසදුමක් ලෙස අත්හැර දැමු විනාශයට පත්වු කර්මාන්ත ශාලා ප්‍රතිස්ථාපනය කිරීමටත් ප්‍රදේශයේ නව කර්මාන්ත ශාලා ඇති කිරීමටත් සැලසුම් කර තිබෙනවා.පරන්තන් රසායනික කම්හල,  අලිමංකඩ ලුණු කර්මාන්ත ආයතනය, සිමෙන්ති කර්මාන්ත ශාලාව,  තල් රා සැකසුම් මධ්‍යස්ථානය සංවර්ධනයේ ප්‍රධාන ඉලක්කයන් වෙන බවද අමාත්‍යවරයා පැවසීය.
එසේම සුර්ය ශක්තිය හා සුළං උපයෝගී කර ගෙන විදුලිය නිෂ්පාදනය හා සත්ව පාලනය කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය හා කජු නිෂ්පාදනය දියුණු කිරීම තුළින්ද මෙම විරැකියාවට විසඳුමක් ලැබෙනු ඇති බවද රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad