උතුරේ අන්තවාදය හා ඒකාබද්ධ විපක්ෂය අතර රහසිගත එකඟතාවයක් ගැන සැකයක්? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 19, 2016

උතුරේ අන්තවාදය හා ඒකාබද්ධ විපක්ෂය අතර රහසිගත එකඟතාවයක් ගැන සැකයක්?

උතුරේ අන්තවාදය හා ඒකාබද්ධ විපක්ෂය අතර රහසිගත එකඟතාවයක් ගැන සැකයක්?
උතුරේ අන්තවාදය වපුරන පිරිස් සහ දකුණේ අන්තවාදය පතුරවන එකාබද්ධ විපක්ෂය අතර රහසිගත එකඟතාවයක් ඇත්දැයි සැකයක් ඇති වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ රුපියල් මිලියන 450ක් වියදමින් රණවිරු දරුවන් 550ක් වෙනුවෙන් ඉදිවන  කොළඔ, මැලේ විදියේ පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලයීය සිව්මහල් ශිෂ්‍ය නේවාසිකාගාරයේ ඉදිකිරීමේ ප්‍රගතිය නිරික්ෂණය කිරීමෙන් අනතුරුව ඊයේ (18) මාධ්‍ය අමතමිනි.

වත්මන් රජය සංවර්ධනය සහ සහජීවනය ඇතිකිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගයන්ට උතුරේ ඇතැම් දේශපාලඥයන් සහ එ්කාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බාධා කරමින් සිටින බවත් කුමන බාධා පැමිණියද වත්මන් රජයේ ජනතා හිතවාදි සංර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

“දැන් රටතුළ සාමයක් ඇති වී තිබෙනවා. අපි රජයක් විදිහට උත්සාහ කරන්නේ ජාතීන් එකමුතු කරගෙන සංවර්ධනය සහ සහජීවයට ඇතිකරන්න. උතුරු පළාත්සභාවේ කීහිපදෙනෙක් වගේම උතුරු ප්‍රදේශය නියෝජනය කරමින් පාර්ලිමේතුවට තේරිපත්වී සිටින මන්ත්‍රීවරු පිරිසක් රජයට සහ ත්‍රිවිධ හමුදාවන්ට අභුත චෝදනා කරමින් සිටිනවා. ඔවුන් වරින් වර නොයෙක් දේ කියනවා. 

දැන් කියනවා පුනරුත්ථාපනය කරපු රැඳවියන්ට අපි බලහත්කාරයෙන් විෂ එන්නත් කරලා, ඔවුන්ට පිළිකාවලට ගොදුරුකරා කියලා. අළුත් අළුත් කතා නිර්මාණය කරලා ඒ පිරිස් උත්සාහ කරනවා අන්තවාදය සහ ත්‍රස්ථවාදය ඇති කිරීමට යලි උත්සාහ කරනවා. ඇත්තටම සිදු උනේ මොකද්ද කියලා ඕන කෙනෙකුට සොයා බලන්න පුළුවන්. ජාත්‍යන්තර වශයෙන් අපේ හමුදාවන් සිදු කරපු පුනරුත්ථාපන වැඩපිළිවෙල ඇගයීමට ලක්වුණා. 

ඇත්තටම මේ උතුරේ දේශපාලනය කරන පුද්ගලයින් කරන්නෙ ජාත්‍යන්තර වශයෙන් තමන්ගේ පටුදේශපාලනය වෙනුවෙන් අරමුදල් රැස්කරගන්න එක. අපිට මතකයි අන්තවාදි අදහස් දරපු අයට උතුරේ ජනතාව දුන්නු තීන්දු. දැන්මේ බොරු කිය කිය දඟලන අයටත් ඉදිරි මැතිවරණවලදි සාමය අගයකරන ජනතාව හරි තීන්දුව දෙයි. දකුණෙත් මේ වගේ පිරිසක් ඉන්නවා. එකාබද්ධ විපක්ෂයේ පිරිස් කියනවා අපි රට පාව දෙනවා රණවිරුවන් බිල්ලට දෙනවා කියල. 

නිතරම කියනවා. අපි බලයට පත්වුණ දවසෙ සිට ත්‍රිවිධ හමුදාවේ අභිමානය අනාගතය ගැන හිතලා තිරණ තීන්දු ගත්තේ.“  “අපි ඔවුන් පසුගිය රජය යොදාගත්තා වගේ වැලිකොට්ට කරගහන්න, පාරවල් අතුගාන්න, කාණු සුද්ද කරන්න යොදාගෙන නෑ. අභිමානය නැතිකරපු අය අද බොරුවට කෑ ගහනවා. අපි රට නිදහස් කරගත්ත රණවිරුවන්ට නිසි ගෞරය සහ පිළිගැනීම අනාගත සුබ සිද්ධිය ඇති කරමින් සිටිනවා. 

අපි රණවිරුවන් පාවා දී නැහැ අද ජාත්‍යාන්තර වශයෙන් පුහුණු ඉඩප්‍රස්ථා වැඩිවී තිබෙනවා. එහෙම වැඩපිළිවෙළක් දියත් කරද්දි රජයට බාධා කරන මේ උතුරේ සිටින ඇතැම් මහජන නියෝජිතයන් සහ  දකුණේත් එ්කාබද්ධ විපක්ෂය කියන පිරිස කියන කතා ඇහුවාම මේ දෙගොල්ල අතර යම් ගිවිසුමක් තියනවාද කියලා අපට සැක හිතෙනවා“යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad