ලංකාව හරහා IS සංවිධානයට පිරිස් යැවූ ලොක්කා මාට්ටු – ඇල්ලුවේ මෙහෙමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 19, 2016

ලංකාව හරහා IS සංවිධානයට පිරිස් යැවූ ලොක්කා මාට්ටු – ඇල්ලුවේ මෙහෙමයි

ඉන්දීය කේරළ ප්‍රාන්ත වැසියන් විසි එක් දෙනකු ඉකුත් ජනවාරියේ සිට ජූලි දක්‌වා මාස හතක්‌ තුළ ශ්‍රී ලංකාව හරහා සිරියාවට ගොස්‌ ඉස්‌ලාමීය අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට සම්බන්ධ වී ඇතැයි මුබායිම් පොලිසිය අනාවරණය කරගෙන ඇතැයි පැවසෙනවා.

මෙම පුද්ගලයන් ශ්‍රී ලංකාව හරහා සිරියාවට පිටත් කර යැවූ මුස්‌ලිම් ජාතිකයකු අත්අඩංගුවට ගත් මුම්බායි පොලිසිය මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඉකුත් සිකුරාදා මෙම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබූ බව ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.

අත්අඩංගුවට ගනු ලැබූ මෙම මුස්‌ලිම් ජාතික සැකකරු ඉකුත් මාස තුනක පමණ කාලයේදී කේරළ වැසියන් දස දෙනකු මේ අන්දමින් ශ්‍රී ලංකාව හරහා අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට සම්බන්ධ කර ඇතැයිද හෙළිවී තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad