සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරඟාවලිය ඊයේ අවසන් වූයේ තරඟ 3 – 0 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ඓතිහාසික ජයක් අත් කර දෙමින්.
මෙම ජය ක්‍රීඩකයන්ට,පුහුණුකරුවන්ට මෙන්ම අප රටේ ක්‍රීඩා ලෝලීන්ටද බොහෝ ප්‍රීතිදායක අවස්ථාවක් විය. එසේ වීමට හේතුවක්ද පැවතුණි.අප රටේ ක්‍රිකට් විශිෂ්ඨයින් දෙදෙනෙකු වූ කුමර් සංගක්කාර් හා මහේල ජයවර්ධන සමුගැනීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම දැවැන්ත ලෙස පසුබෑමකට ලක්වුණි.
2015 සිට පැවැති සියලු තරඟාවලි පාහේ පරාජයට පත්වුනේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවා ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත අභියෝගයක් එල්ල කරන අවස්ථාවකයි. මෙම කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ක්‍රියා කළ දකුනු අප්‍රිකානු ජාතික ග්‍රැහැම් ෆෝඩ්ටද බොහෝ දෙනා පුහුණුකරු තනතුරෙන් ඉවත් වන ලෙස චෝදනා කළේ ශ්‍රී ලංකා කණ්ඩායම ලද පරාජයන් වලට ඔහුද වගකිව යුතු බව කියමිනුයි.
කෙසේ නමුත් නවක ක්‍රීඩකයන්, රංගන හේරත් ඇතුලු ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ විශිෂ්ඨ දස්කම් නිසා පළමු වරට ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් පූර්ණ ලෙස පරාජය කිරීමට ශ්‍රී ලංකා කන්ඩායමට හැකිවිය. තරඟයෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ‘මුරලි වෝන් කුසලානයද‘ අතැතිව පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් සමග ඉතා සිනාමුසු මුහුනින් සිටින ඡායාරූපයක් සිය ට්විටර් ගිණුමට ඇතුලත් කොට තිබුණි.
මෙම ඡායාරූපයේ මැතිව්ස් පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් දෙසට ඇගිල්ලක් දිගු කරමින් සිටින අතර ඡයාරූපයට පහතින් ඔහු යම් සඳහනක් ද පළකර තිබුණි.
look how happy this man is..he deserves this for all his hard work.
‘‘බලන්න..මොහු කොතරම් සතුටින් සිටිනවාද කියා..ඔහු කළ අපහසු කාර්ය භාර්ය වෙනුවෙන් මෙය ඔහුට ලැබිය යුතුයි ‘‘ යන්න මැතිව්ස් එහිදී කියා තිබුණි.
Friday, August 19, 2016
Home
ඕපාදුප
වේදනාව පරයා නැගුණු ‘පුහුණුකරු ෆෝඩ්ගේ සිනහව‘ පෙන්වමින් මැතිව්ස් කවුරුත් නොකී කතාවක් කියලා
වේදනාව පරයා නැගුණු ‘පුහුණුකරු ෆෝඩ්ගේ සිනහව‘ පෙන්වමින් මැතිව්ස් කවුරුත් නොකී කතාවක් කියලා
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment