ත්‍රි‘මලය දෙමල දරුවන්ට සිංහල උගන්වයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

ත්‍රි‘මලය දෙමල දරුවන්ට සිංහල උගන්වයි

ත්‍රි‘මලය දෙමල දරුවන්ට සිංහල උගන්වයි
එල්ටීටීඊ සංවිධානයේ සිට පුනරුත්ථාපනය වූ 12,000කට ආසන්න පිරිසකගෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් 502ක් පමණ වූ පිරිසකට සිංහල භාෂාව ඉගැන්වීමේ වැඩසටහනක් පුනරුත්ථාපන කොමසාරිස් කාර්යංශය ආරම්භ කොට තිබේ.

මේ වනවිට පුනරුත්තාපනය වූවන්ගෙන් පාසැල් යන වයසේ දරුවන් 372ක් සිටින අතර ඔවුන්ට සිංහල භාෂාව ඉගැන්වීම තුලින් ජාතීන් අතර සංහිදියාව ගොඩනැගිය හැකි බව පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් කාර්යංශයේ අරමුණ වී ඇත.

එහි ආරම්භක පියවරක් ලෙස මුතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල තෝරාගත් පුනරුත්ථාපනලාභීන්ගේ දරුවන් 40ක් සඳහා පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාංශයේ අනුමැතිය මත පූන්තොට්ටම් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලයේ මගපෙන්වීම හා අධීක්‍ෂණය යටතේ ත්‍රිකුණාමලය පසුවිපරම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන්නට යෙදුන සිංහල භාෂාව ඉගැන්වීමේ පාඨමාලාවේ සමාරම්භක අවස්ථාව කාර්ය නියුක්ත අධ්‍යක්‍ෂක වන්නි කර්නල් ඵම්. ඒ. ආර් හැමිඩොන් තුමාගේ ප්‍රධානත්වයෙන් හොරොව්පතාන විපුලානන්ද විද්‍යාලයේ පවත්වන ලදි.

ඵම වැඩසටහන සඳහා නෙයිෆර් ආයතනයේ සභාපති හොරොව්පතාන රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති වැලිමුවපතානේ පියරතන ස්වාමීන් වහන්සේ විසින් පාඨමාලාව පැවැත්වීමට දරුවන්ට අවශ්‍ය අධ්‍යාපනික උපකරණ ලබා දීමක් ද සිදු කළේය.

පාඨමාලාව පුරා වසරක පමණ කාලයක් පවත්වන අතර එය සාර්ථකව හදාරන සිසුන් සඳහා පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාංශය මගින් සහතිකයක් ද ලබා දීමට කටයුතු සලසා තිබේ.

ඡායාරූප පහතින්....

වන්නි - රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad