සිරිසේනගේ පඩත්තල සංවිධායකයෝ දුෂණ මෙහෙයුම අරඹයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 19, 2016

සිරිසේනගේ පඩත්තල සංවිධායකයෝ දුෂණ මෙහෙයුම අරඹයි

කැස්බෑව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ප්‍රධාන සංවිධායක ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලද චන්දන කත්‍රිආරච්චි මහතා සිය දේශපාලන බලය යොදවමින් පළාත් පාලන නීතියට පිටුපාමින් සිය නිවසේ සංවර්ධන කටයුතු සඳහා කැස්බෑ නගරසභාව සතු යන්ත්‍රෝපකරන රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

චන්දන කත්‍රිආරච්චි මහතා ලැබූ පත්වීමට අදාළව පැවැත්වෙන උත්සවයක් සඳහා වවන වත්ත පාරේ සිය නිවස පිහිටි ඉඩම සැකසීමට මෙසේ අංක 39-49-7027 දරන ජෙසීබී රථය සහ HT4047 දරන ටිපර් රථය රැගෙන ගොස් ඇත.

මේ වනවිට පළාත්පාලන ආයතන කොමසාරිස් පාලනයක් යටතේ පවතින බැවින් එසේ පවතින අවස්ථාවකදී සභාව සතු යන්ත්‍රෝපකරණ පොදු කටයුත්තකට හැර රැගෙන යන්නේනම් ඒ සඳහා පළාත් කෝමසාරිස්වරයාගෙන් අවසර ලබා ගත යුතුවන අතර ඊට අදාළ මුදල්ක්ද ගෙවිය යුතු වේ.

පළාත්පාලන ආයතන ක්‍රියාත්මකව පවතින අවස්ථාවකදී සභාපතිවරයාට සිය නිල බලය යොදවා සභාව දැනුවත් කර යන්ත්‍රෝපකරණ ලබා දිය හැකි වුවද කොමසාරිස් පාලනයක් යටතේ පවතින විට එසේ සිදු කළ නොහැකි අතර චන්දන කත්‍රිආරච්චි මහතා සිය දේශපාලන බලය යොදවා නීතිය උල්ලංඝණය කරමින් මෙසේ සිය දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් කැස්බෑන නගරසභාව සතු යන්ත්‍රෝපකරන රැගෙන ගොස් තිබේ.

(උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ)

No comments:

Post a Comment

Post Bottom Ad