කථානායකවරයාට එරෙහිව විශ්වාසභංගයක්? (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 19, 2016

කථානායකවරයාට එරෙහිව විශ්වාසභංගයක්? (VIDEO)

කථානායකවරයාට එරෙහිව විශ්වාසභංගයක්? (VIDEO)
අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පතට අත්සන් තැබූවහොත් කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසූයේ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත සම්මත කළ ආකාරය නීති විරෝධී බව පෙන්වාදෙමින්, ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ (18) කථානායකවරයාට නිවේදනයක් භාරදීමේ අනතුරුව පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

මෙම පනත් කෙටුම්පත සම්මත වූ ආකාරය පිළිබඳව හා එහි නීති විරෝධීභාවය පෙන්වාදෙමින් පිටු 6කින් යුත් නිවේදනයක් ඊයේ පාර්ලිමේන්තුවේදී කථානායකවරයාට භාර දී තිබේ. අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත නීත්‍යානුකූලව සම්මත නොවූ බවත් මෙම පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට හා ස්ථාවර නියෝගයන්ට පටහැණි බවත් හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ස්ථාවර නියෝගයන්ට පටහැණිව සම්මත කළ මෙම පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා විවාදයට ලක් කළ යුතු පනතක් නොවන බවද කථානායකවරයා තම ඇඳුමේ ජාතික කොඩිය පැළඳගෙන සිටියද ඔහුගේ පපුවේ ජාතික ආලය තිබේනම් මෙම පනත් කෙටුම්පතට අත්සන් නොතැබිය යුතු බවද මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

මෙම පනත සම්මත කිරීම මගින් සිදුවන්නේ තොරතුරු සෙවීමක් බව ප්‍රකාශ කළද මේ මගින් ලංකාවේ රණවිරුවන්ගෙන් යුද අපරාධ සම්බන්ධයෙන් ලොව ඕනෑම අධිකරණයකින් නඩු ඇසිය හැකි බවද අතුරුදන්වූවන් සෙවීමේ මෙම පනතට අත්සන් තබා කථානායකවරයාගේ පපුවට රිදුම් ඇති කර ‍නොගන්නා ලෙස ඉල්ලා සිටින බවද ඔහු පැවසී ය.


No comments:

Post a Comment

Post Bottom Ad