ශ‍්‍රිලනිප සමුළුවට ඒකාබද්ද විපක්‍ෂය නෑ..? මහින්දත් නෑ..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

ශ‍්‍රිලනිප සමුළුවට ඒකාබද්ද විපක්‍ෂය නෑ..? මහින්දත් නෑ..?

සැප්තැම්බර් 04 වැනිදා කුරුණැගල වෙලගෙදර ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ‍්‍රීලනිප 65 වන සංචත්සරය සඳහා හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ සහ ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන ශ‍්‍රීලනිප මන්ත‍්‍රිවරුන් සහභාගී නොවීමට වැඩි ඉඩක් ඇති බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපතිවරයා බොහෝ විට එම දිනයන්හිදි විදේශ සංචාරයක නිරත වීමට ඉඩ ඇතැයිද පැවසෙයි.

ඒකාබද්ද විපක්‍ෂයේ ශ‍්‍රිලනිප මන්ත‍්‍රීන්ගේ ආසන සංවිධායක ධුර අහෝසි කිරීමත් දිගින් දිගටම එක්සත් ජාතික පක්‍ෂ ආන්ඩුවත් එජාප අගමැතිවරයාත් රැක ගැනීමට ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් කටයුතු කරන තත්වයක් යටතේ සම්මේලනයට සහභාගී නොවිය යුතු බවට ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රිවරුන් මේ වන විටත් සාකච්චා කරමින් තිබේ.

ඇතැම් මන්ත‍්‍රීවරුන් මේ වන විටත් ප‍්‍රසිද්ධියේ අදහස් පල කරන්නේ කිසිසේත්ම සංවත්සරයට සහභාගී නොවන බවටයි.

No comments:

Post a Comment

Post Bottom Ad