තාජුඩීන් ඝාතන වීඩියෝ කැනඩාවට යැවීමට නියෝග - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 19, 2016

තාජුඩීන් ඝාතන වීඩියෝ කැනඩාවට යැවීමට නියෝග

තාජුඩීන් ඝාතන වීඩියෝ කැනඩාවට යැවීමට නියෝග
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතාගේ ඝාතනය හා සම්බන්ධ සීසීටීවී කැමරා දර්ශන ඇතුලත් සංයුක්ත තැටි 10ක් කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා රසායනාගාරයකට යැවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (19) රහස් පොලිසියට අවසර දුන්නේය.

ඒ අනුව මෙතෙක් අධිකරණය බාරයේ තිබූ අදාළ සංයුක්ත තැටි රැගෙන රහස් පොලිසිය ලබන 22 වැනි දා කැනඩාව බලා යන බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. ඉන් අනතුරුව එම රසායනාගාරයේ වාර්තාව රහස් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad