කැළණිවැලි දුම්රියට ගල්ගැසූ දෙදෙනෙක් රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 19, 2016

කැළණිවැලි දුම්රියට ගල්ගැසූ දෙදෙනෙක් රිමාන්ඩ්

කැළණිවැලි දුම්රියට ගල්ගැසූ දෙදෙනෙක් රිමාන්ඩ්
අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ කැළණිවැලි දුම්රියකට ගල් ගැසූ සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා (17) අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තැබීමට නියම වී තිබේ.
ඒ ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටපත් අනෙක් 17 හැවිරිදි බාල වයස්කාර සැකකරු මාකොළ ළමා නිවාසයකට යොමු කිරීමට ද වැඩබලන මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා මෙහිදී නියෝග කළේය.
සිද්ධියට සම්බන්ධ තරුණයින් තිදෙනා නාරාහේන්පිට පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගැණුනේ නාරාහේන්පිට පොලිස් රෝහල අසලින් ගමන් කරමින් තිබූ දුම්රියට ගල් ප්‍රහාර එල්ල කිරීමේ චෝදනාවටයි.

No comments:

Post a Comment

Post Bottom Ad