කොළඹ නගරයේ සිටින අනවසර පදික වෙළෙඳුන් ලබන සැප්තැම්බර් මස 15 වනදායින් පසු ඉවත් කිරීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර තිබේ.
එම අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.
කොළඹ නගරයේ අනවසර වෙළෙඳුන් 1000කට වැඩි පිරිසක් වෙළඳාම් කටයුතු වල නිරත වන බව පොලීසිය විසින් පසුගියදා සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබුණි.
අනවසර පදික වෙළෙඳුන් හේතුවෙන් පදික වේදිකාව පදිකයින්ට අනාරක්ෂිත වී ඇති ඇති අතර මේ හේතුවෙන් අනතුරු රැසක් ද වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව කොළඹ නගරයෙන් ඉවත් කෙරෙන අනවසර පදික වෙළෙඳුන් සඳහා කොළඹ නගර සභාව විසින් මේ වන විටත් විකල්ප ස්ථාන හඳුනාගෙන ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
එම විකල්ප ස්ථානවලට විදුලිය, වැසිකිලි සහ ආරක්ෂාව සැපයීමට කටයුතු කරන ලෙස අමාත්‍යංශ ලේකම්වරයා කොළඹ මහනගර සභාවට උපදෙස් ලබාදී ඇති බව ද වාර්තා වේ.

No comments:
Post a Comment