ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘බල කණු’ ආසන සංවිධායක පදවිවලින් ඉවත් කරනු ලැබීම පක්ෂය දෙකඩ කිරීමක් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයෙකු වන හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ‘මේ දඩයම නිසා’ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දැනටමත් දෙකඩ වී ඇති බවයි.
ආසන සංවිධායකයන් ඉවත් කරනු ලැබීම හිටපු ජනාධිපතිවරයා හඳුන්වන්නේ ඒකාබද්ධ විපක්‍ෂය සමඟ වැඩ කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයින්ගෙන් පළිගැනීමේ නවතම අදියර ලෙසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශාල ජන පදනමක් ඇති සංවිධායකවරුන් ඉවත් කොට අඩු ජන පදනමක් ඇති පුද්ගලයන් එම තනතුරුවලට පත් කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දුර්වල කිරීමත් එක්සත් ජාතික පක්‍ෂයට වාසිදායක තත්වයක් ඇති කිරීමත් නිරායාසයෙන්ම සිදු වන බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.
Friday, August 19, 2016
පක්ෂය දෙකඩයි – මහින්දගෙන් නිවේදනයක්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)



No comments:
Post a Comment