අවයව දන්දෙන්න කැමති අයගෙ ඩේටා ලයිෂන් එකට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 19, 2016

අවයව දන්දෙන්න කැමති අයගෙ ඩේටා ලයිෂන් එකට


හදිසි අනතුරුවලට ලක්ව මියයන පුද්ගලයන්ගේ අවයව ලබාගෙන ඒවා රෝගී පුද්ගලයන්ට බද්ධ කිරීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න සූදානම් වේ.

කිසියම් පුද්ගලයෙක් හදිසි අනතුරකට ලක්ව මියගිය හොත් එම පුද්ගලයාගේ අවයව ඔහුගේ කැමැත්ත අනුව ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම සඳහා වන කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරියේදී ඉදිරිපත් කෙරෙන බව ඔහු පවසයි.

එම කැමැත්ත පිළිබඳව අලූතින් නිකුත් කෙරෙන රියැදුරු බලපත‍්‍රයේ සඳහන් කිරීමටද වැඩපිළිවෙළක් යොදා ඇත. අවයව ප‍්‍රදාන හැරෙන්නට අවයව ලබාගැනීම සම්බන්ධයෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ගැටලූ පවතින බව පැවසූ ඇමතිවරයා ඒ ගැන විධිමත් වැඩපිළිවෙලක් ළඟදීම අරඹන බව දන්වා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad