ශ්‍රීලනිපයෙන් ඉවත් කළ මන්ත්‍රීවරු කතා කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

ශ්‍රීලනිපයෙන් ඉවත් කළ මන්ත්‍රීවරු කතා කරයි

ශ්‍රීලනිපයෙන් ඉවත් කළ මන්ත්‍රීවරු කතා කරයි
ආසන සංවිධායකධූර අහිමි වූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පක්ෂයේ තීරණය ගැන අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව ආසන සංවිධායකවරුන් පත් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර හැරීමේ අරමුණින් සිදුකළ කටයුත්තක් බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසී ය.

නිදහස් පක්ෂයේ හිටපු ආසන සංවිධායකවරුන් 13 දෙනෙකුගේ  සංවිධායක ධූර ඉවත් කර ඊට වෙනත් සංවිධායකවරුන් පත්කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පියවර ගනු ලැබීය.

එමෙන්ම තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම්වරියක ලෙස අවුරුදු 15ක කාලයක් වැඩ කටයුතු කළ බවත්, කාන්තා නායිකාවක ලෙස අවුරුදු 15ක කාලයක් වැඩ කටයුතු කළ බවත් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පෙන්වා දෙයි.

සංවිධාකයක ධුරයෙන් ඉවත් කිරීම රටේ ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට තිබූ බාධාවක් ඉවත් කිරීමක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා අදහස් දක්වමින් පැවසී ය. “අපට මේ සම්බන්ධයෙන් නිල දැනුම්දීමක් කරලා නැහැ. එහෙත් අපව සංවිධායක ධුරයෙන් ඉවත් කළ බව රටටම දැනුම් දීලා. 

සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම ගැන මා පුද්ගලිකවම සතුටු වෙනවා. විපක්ෂය ලෙස වැඩ කිරීමේදී මේ තනතුරු බාධාවක් වී තිබුණා. මෙය ඉතාම සතුටුදායක ආරංචියක්.“ යැයිද ඔහු සඳහන් කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න...

No comments:

Post a Comment

Post Bottom Ad