කිරිබත්කුඹුර අවන්හල් හිමියාට බෑග් එකක් අස්සෙන් වෙඩි තැබූ හැටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 28, 2016

කිරිබත්කුඹුර අවන්හල් හිමියාට බෑග් එකක් අස්සෙන් වෙඩි තැබූ හැටි


කිරිබත්කුඹුර අවන්හල් හිමියාට
බෑග් එකක් අස්සෙන් වෙඩි තැබූ හැටි

පේරාදෙණිය නානුඔය කිරිබත්කුඹුර ප‍්‍රදේශයේදී අවන්හලකට ඇළුවූ හෙල්මට් සහිත පුද්ගලයෙකු එම අවන්හලේ කැෂියර් කූඩුවේ සිටි ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
සිකුරාදා (26) රාතී‍්‍ර 9.30 ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් කෙනෙකු
වෙඩිතැබීම සිදුකර ඇත. ඔහු බෑගයකින් පිස්තෝලය සඟවාගෙන විත් ව්‍යාපාරිකයාට වෙඩි තබන අතර වෙළෙඳ සැල කොල්ලකෑමක් සිදු කරන්නේද නැත.
සිද්ධිය අවස්ථාවේ එම අවන්හලේ සීසීටීවී දර්ශන වල සහ අසළ තිබූ වෙළෙද සැලක සීසීටීවී දර්ශනවල ඝාතන සිද්ධිය පටිගත වී ඇති බව ද පොලීසිය ප‍්‍රකාශ කළා. සැකකරුවන් සොයා ඒ ඔස්සේ පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මියගිය ව්‍යාපාරිකයා පිළිමතලාවේ පදිංචි වයස අවුරුදු 30ක් පමණ වන අයෙකු බව පැවසෙන අතර මෙම ඝාතනය පුද්ගලික කෝන්තරයක් මත සිද්ධවන්නට ඇතැයි අනුමාන කෙරේ.
සිද්ධියේ සීසීටීවී දර්ශන පහතින්


No comments:

Post a Comment

Post Bottom Ad