රාජ්‍ය ආයතන 19ක් ගැන අනුර කුමාරගෙන් හෙළිදරව්වක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 19, 2016

රාජ්‍ය ආයතන 19ක් ගැන අනුර කුමාරගෙන් හෙළිදරව්වක් (VIDEO)

රාජ්‍ය ආයතන 19ක් ගැන අනුර කුමාරගෙන් හෙළිදරව්වක් (VIDEO)
මෙරට රාජ්‍ය ආයතනවලට අත්වී ඇති ඛේදවාචකය කෝප් කමිටු වාර්තාවෙන් මනාව පැහැදිලි වන බවත් බලය හොබවන පාලකයින් තම බලය තහවුරු කරගැනීමට රාජ්‍ය ආයතන උපයෝගී කරගන්නා අාකාරය කෝප් කමිටු වාර්තාවෙන් හෙළිදරව්වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (18) බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, " අපේ රටේ රාජ්‍ය ආයතනවල වගකීම වන්නේ එම ආයතනවල කේෂ්ත්‍රයන්ට අදාළව ජනතාවට සේවය සැපයීමයි. 

නමුත් අද රාජ්‍ය ආයතන ජනතාවට සේවය සපයනවා වෙනුවට බලය හොබවන පාලකයින්ගේත් ඔවුන්ගේ සමීපතමයින්ගේත් ධන උල්පත බවට පත්වී තිබෙනවා. බලය හොබවන්නන්ගේ සමීපතම කණ්ඩායම්වලට වරදාන, වරප්‍රසාද තනතුරු ලබාදෙන ආයතන බවට එම ආයතන පත්වෙලා. 

මෙම පාලකයින් විසින් සිදුකරනු ලබන දේ පිළිබඳවත් එම පාලකයින් කවුද යන්න පිළිබඳවත් කෝප් කමිටු වාර්තාවෙන් පැහැදිලිව සඳහන් වෙනවා"යි කියාසිටියේය.

වීඩියෝව පහතින්....

No comments:

Post a Comment

Post Bottom Ad