ශිරන්තිගේ ප්‍රංශ සවාරියක් ගැන ඇමති හර්ෂගෙන් හෙළිදරව්වක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 3, 2016

ශිරන්තිගේ ප්‍රංශ සවාරියක් ගැන ඇමති හර්ෂගෙන් හෙළිදරව්වක්

ශිරන්තිගේ ප්‍රංශ සවාරියක් ගැන ඇමති හර්ෂගෙන් හෙළිදරව්වක් (VIDEO)
පසුගිය රජය සමයේ ආර්යාව එක රැයකට ඉන්න ලක්ෂ 25ක් වියදම් කර ඇති බවත් එය තම රජයට ගෙවීමට සිදු වී ඇති බවත් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

පසුගිය රජය ලබාගත් ණය වාරික ගෙවීමට නොමැති නම් ජනතාව මත බදු පැටවීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ජනතාවට සහන ලබා දිය හැකි බවත් අමාත්‍යවරයා පැවසී ය. ඊයේ (02) පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ප්‍රංශ සවාරියකදී සිදුකළ වියදම් පිළිබඳව හෙළිදරව්වක්ද කළේය.

“ප්‍රංශයේ 2014දී වෙසක් බලයන්න ගිය සංචාරයේ බිල්පත්. යුරෝපයේ තිබෙන හොඳම හෝටලයේ එක රැයකට වියදම් කරලා තියෙන ප්‍ර‍මාණය තමයි. විසිපන් ලක්ෂ 73දහස් හත්සිය හතලිස් හයයි. රෑ හතරක් බිල දාල තියෙනවා. එතුමිය එක්ක ගිය අනෙක් කට්ටිය අපේ ජනාධිපතිතුමා ඉන්න ලෙවල් එකේ කාමරවල තමා නැන්දල එහෙමත් ඉදලා තියෙන්නේ. සමහර කාමරවල සේවයට යුරෝ 650යි 726යි. මිනි බාර් එක යුරෝ 771යි“ 

No comments:

Post a Comment

Post Bottom Ad