'ජනාධිපතිවරයා අයෙත් හමුවෙන්නේ නෑ' - මුරුත්තෙට්ටුවේ හිමි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 3, 2016

'ජනාධිපතිවරයා අයෙත් හමුවෙන්නේ නෑ' - මුරුත්තෙට්ටුවේ හිමි

'ජනාධිපතිවරයා අයෙත් හමුවෙන්නේ නෑ' - මුරුත්තෙට්ටුවේ හිමි (VIDEO) 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධ සිද්ධිය‍ සම්බන්ධයෙන් නැවත රටේ රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයා හමු නොවන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

ඒ හිමියෝ මේ බව පැවසූවේ ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. එමෙන්ම හිටපු ජනාධිපතිවරයොගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පැවිදි හඬ සංවිධානයට සාකච්ඡාවක් ලබාදුන් බවත් ඒ නිසාවෙන් ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්ඡා කළා මිස ජනාධිපතිගේ ආරාධනාවක් පිළිගෙන සාකච්ඡාවකට නොගිය බවත් උන්වහන්සේ සඳහන් කළහ.

ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට තර්ජන ඇති බව ප්‍රකාශ කළද ඔවුන්ට එවැනි කිසිදු තර්ජනයක් නොමැති බවත් තර්ජන ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට බවත් උන්වහන්සේ පෙන්වා දෙයි. එමෙන්ම මෙම ආණ්ඩුවේ ක්‍රියා කලාපයට රටේ කිසිදු නායක ස්වාමීන් වහන්සේනමක් ප්‍රසාදයෙන් නොමැති බවත්  මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පෙන්වා දෙයි.

මෙම ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව කටයුතු කිරීමට හා ඊට විරුද්ධව ජනමතයක් ගොඩනැගීමට බවත් උන්වහන්සේ පැවසූහ.

No comments:

Post a Comment

Post Bottom Ad