බස් ගාස්තුවට මාර්ග තදබදයත් එයි? නැත්නම් වර්ජනයකට සූදානම්! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 3, 2016

බස් ගාස්තුවට මාර්ග තදබදයත් එයි? නැත්නම් වර්ජනයකට සූදානම්!

බස් ගාස්තුවට මාර්ග තදබදයත් එයි? නැත්නම් වර්ජනයකට සූදානම්! (VIDEO) ජූලි මස 1 වැනිදා සිදුකිරීමට යෝජිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී මාර්ග තදබද ගාස්තුවක් මගීන්ගෙන් අයකළ යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කර තිබිණි.

අවම ගාස්තුව තීරණය වන්නේද මාර්ග තදබදය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන් පසුව බැවින් එම වෙනස ජූලි මස 1 වැනිදා  සිදුවිය යුතු බවත් රජය ඊට පිළියම් ලබා දීමට අපොහොසත් වුවහොත් වර්ජනයකට යාමට සිදුවන බවත් පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගැමුණු විජේරත්න මහතා මේ බව පැවසීය.

ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ “අපිට ආණ්ඩු එලවන්නත් පුළුවන්. ආණ්ඩු හදන්නත් පුළුවන්  මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා පැවසූවේ බස් ගාස්තුවට අමතරව වාහන තදබදය සහිත මාර්ගවලට අතිරේක ගාස්තුවක් අය කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවයි.

කෙසේ වෙතත් ලංගම නියෝජ්‍ය කළමනාකාර රාජා ගුණතිලක මහතා සඳහන් කළේ ලංගමය පොදු ජනතාවගේ ප්‍රවාහන සේවාවක් බවත් තම ආයතනය සැමවිටම ක්‍රියා කරන්නේ මගී ජනතාවගේ පහසුව තකා බැවින් නොයෙක් සංගම් මගින් ඉල්ලන මාර්ග තදබද ගාස්තුව මගීන්ගෙන් අයකරගන්නා යෝජනාවට ලංගමය කිසිසේත් එකඟ නොවන බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad