පසුගිය දින කිහිපයේ පැවති වර්ෂාව හේතුවෙන් ඇතිවූ ජල ගැලීම්වලින් පසු කොළඹ දිස්ත්‍රික්කයේ රැස් වූ කසල ටොන් 2500ක් පමණ ඉවත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් ඒකකය ප්‍රකාශ කරන්නේ ස්වේච්ඡා සංවිධානවලට ද මෙම කසල බැහැර කිරීමේ වැඩසටහනට සහභාගී විමේ අවස්ථාව පවතින බවයි. එලෙස ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වීමට කැමති සංවිධාන අයි.ඩී.එච්. අසළ පිහිටි ටී.බී.ඉලංගරත්න ක්‍රීඩාංගණයට පැමිණිය යුතු බවට ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටී.
No comments:
Post a Comment