වෛද්‍ය සංගමය එකඟ වූ පත්වීම් ලැයිස්තුවට ඇමතිගේ අනුමැතිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 3, 2016

වෛද්‍ය සංගමය එකඟ වූ පත්වීම් ලැයිස්තුවට ඇමතිගේ අනුමැතිය

වෛද්‍ය සංගමය එකඟ වූ පත්වීම් ලැයිස්තුවට ඇමතිගේ අනුමැතිය
පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ සංශෝධිත පත්වීම් ලැයිස්තුවට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

එම ලැයිස්තුව අද (03) දිනයේ සිට www.gov.lk යන සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය ඔස්සේ ලබා ගැනීමට හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් ද ඊට එක් වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලැයිස්තුව මුල් කර ගනිමින් රජයේ වෛද්‍යවරුන් පසුගියදා සංකේත වැඩවර්ජනයක ද නිරත විය.
පසුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් සලකා බලමින් යළි සංශෝධිත වෛද්‍ය පත්වීම් ලැයිස්තුවක් සකස් කිරීම ආරම්භ කළ අතර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ලැයිස්තුව සංශෝධනය කිරීමේ කටයුතු සිදු විය.

අනතුරුව එම සංශෝධිත ලැයිස්තුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශයට යොමුකර නිල වෙබ් අඩවියේ පළ කිරීමට කටයුතු කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad