වෙලේ සුදාගේ මව රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 3, 2016

වෙලේ සුදාගේ මව රිමාන්ඩ්

වෙලේ සුදාගේ මව රිමාන්ඩ්
හෙරොයින් පැකට් 4ක් ළඟ තබාගෙන සිටිය දී වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ගම්පළ විතානගේ සමන්ත කුමාර නොහොත් ‘වෙලේ සුදා’ ගේ මව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 6වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තැබීමට නියම වී තිබේ.

ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා විසින් මෙලෙස නියෝග කොට ඇත්තේ රජගල්ගොඩගේ මාලනී හෙවත් ‘නෝනි අක්කා’ නමැති කාන්තාවටයි. අදාළ සැකකාරිය පසුගිය 01වනදා වැල්ලවත්ත භාතිය මාවතේ ගමන් කරමින් සිටි අවස්ථාවේ වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එම අවස්ථාවේ ඇය තම තනපටයේ සඟවා ගෙන තිබූ හෙරොයින් මිලිගෑම් සියයේ පැකට් 4ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
ඇය පොලීසියට ප්‍රකාශකොට ඇත්තේ ඒවා තමාට පානය කිරීම සඳහා ගෙන ගිය බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad