පුවරුවේ නම නැති බව කියා වෙල්ගම උත්සවය මැද නැගිට එයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 4, 2016

පුවරුවේ නම නැති බව කියා වෙල්ගම උත්සවය මැද නැගිට එයි (VIDEO)

කළුතර, දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය අද (04) පැවැත්වුණි. ඒ අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාට සහ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට ද මෙම අවස්ථාවට ආරාධනා කර තිබූ අතර උත්සවය ඇමතූ වෙල්ගම මහතා පැවසූවේ එම ගොඩනැගිල්ල තැනීමට මුදල් වෙන් කළේ තමන් බවත් එනමුත් ගොඩනැගිල්ලේ සමරු ඵලකයේ තමන්ගේ නම සඳහන් කර නොමැති බවත් ය.

තව ද තම පාර්ශවය බලයට පැමිණි දිනෙක එම පුවරුව වෙනස් කරන බවට ද ඔහු පවසා සිටියේ ය. උත්සවය අතරමග තවත් පිරිසක් ද සමගින් වෙල්ගම මහතා පිටතට පැමිණි අතර එම පිරිස හඬ නගන්නට වූයේ "අපිට ඕනෑ නිදහස් පක්ෂ ආණ්ඩුවක්" යනුවෙන් ය.

වීඩියෝව පහතින්....

No comments:

Post a Comment

Post Bottom Ad