අරනායක සාමසර කන්ද (රාමසර කන්ද) අද මූසල දර්ශනයක් වුණාට මචං මීට පෙර සොබා සුන්දරත්වය අතින් අලංකාර දර්ශනයක්. දින තුනක් තිස්සේ එක දිගට ඇද හැළුණු වර්ෂාවෙන් පසු පසුගිය මැයි 17 වැනි දා සාමසර කන්දේ කෑලෑ රොදවල් අතර තැනින් තැන අලංකාර ජල පහරවත් මතු වෙලා තියෙනවා. ඇතැම් ජල පහරවල්වලින් ගලා ආවේ මඩ පැහැ වතුරය.
එච්.පී. රුවන් කුමාර (21) ද සාමසර කන්දේ එළඟිපිටිය ජනපදයේ ජීවත් වෙන කෙනෙක් මචං. 17 වැනි දා දහවල් 11.30ට පමණ වැස්ස තුනී වෙද්දී ප්‍රදේශයේ සොබා සුන්දරත්වය වෙනදාට වඩා අලංකාරවත් වූ නිසා රුවන් කුමාර තැත තැන ඇවිද එය වීඩියෝ ගත කරලා තියෙනවා. හැබැයි මේ කන්ද නාය යද්දී ඔහු ඉඳලා තියෙන්නේ තම ඥාතියකුගේ නිවසක.
‘මම එළියේ ඉන්දි එකපාරට අකුණක් ගහනවා වගේ සද්ධයක් ආවා. ඒ එක්කම කන්ද උඩින් දුම වගේ එක්ක ගල් කෑලි විසි වුණා. එක ගල් කෑල්ලක් මං හිටපු ගෙදරට ඇවිත් වැදුණා. මම ගේ ඇතුළට දිව්වා. ඒ එක්කම විශාල සද්ධයක් ආවා. ආයෙත් බලද්දි ගල් පෙරලගන පස් තට්ටුව ගැලවිලා යනවා. මම එතැනින් දුවලා ගියා.
මම හිටිය ගෙදරට ගෙවල් හතරක් පහක් එහායින් ඔක්කොම ගලවාගෙන ගියා. මගේ යාළුවො ගොඩක් ඒ ගෙවල්වල හිටියා. දැන් ඔවුන් හොයා ගන්නත් නෑ.තව ටිකක් එහා පැත්තේ කන්දේ පැලුම් තිබුණා. 17 අපි එතනට ගිහින් බලලා ආවා. ඒත් නාය ගියේ ඒ පැත්ත නෙමෙයි.” මේ රුවන්ගේ වචනයි. 17 වැනි දා දවල් තමන් වීඩියෝ කළ කන්ද සවස් වන විට මහා විනාශයක් වෙයි කියලා රුවන් හීනෙකින්වත් හිතන්නේ නැතුව ඇති නේ මචං.
කැළණිය කැම්පස් එකේ ඉගෙන ගන්න අරණායක පැත්තේ ආසන්න ගමක ජිවත් වෙන තරුණියක් මට මාර කතාවක් කිව්වා මචං. එයා කියනවා ඒ නාය ගිය පැත්ත දැන් අධි ආරක්‍ෂිත කලාපයක් කරලා කියලා. මොකද එතැන ගොඩක් අයගේ දේහයන් වැළලිලා තියෙන නිසා. ඒ වගේම මේ අරණායක සාමසර කන්ද අසළින් ටිකක් ඈතට වෙන්න ගලා ගෙන ගිය ඔයෙන් තමාලු ඒ පැත්තේ ඉන්න අය වැඩ කරගන්නේ.
ඒ කියන්නේ කුඹුරු වැඩ, රෙදි හෝදන එක සහ නාන්නෙත් මේ ඔයෙන්ලු මචං. හැබැයි ඒ තරුණිය කියනවා දැන් ඒ වතුරත් එක්ක මිනිස්සුන්ගේ අත් කෑලි, කකුල් කෑලි, වගේම මිනිස්සුන්ගේ එක එක කොටස් පාවෙලා එනවා කියලා. මේ නිසා මචං ඒ පැත්තේ අයට දැන් තමන්ගේ වැඩ කරගන්න වතුර ටිකත් ගන්න බැරි වෙලාලු.
මතකනේ මචං සුනාමි කාලෙත් මුහුදෙන් එක එක ඒවා පාවෙලා ආවා. පව් මචං මේ මිනිස්සු..
මේ අර තරුණයා අරණායක කන්ද වීඩියෝ කළ එක…
Friday, June 3, 2016
අරණායක සාමසර කන්දේ විනාශය නිසා දැන් වෙන බරපතල විනාශයක් ගැන තරුණියක් හෙළිකරයි (Video)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment