දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගී වන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු තරගය අද ගයනාහිදී ආරම්භ වීමට නියමිතයි.
ජේසන් හෝල්ඩර් කොදෙව් කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවන්නේ ඒ.බි. ඩිවිලියර්ස් විසින්. ඕස්ට්‍රෙලියා කන්ඩායමට නායකත්වය දක්වන්නේ ස්ටීවන් ස්මිත් විසින් බව සඳහන්.
තරගාවලියේ පළමු තරගය කොදෙව් කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර අද පැවැත්වෙන අතර දෙවන තරගය කොදෙව් කණ්ඩායම සහ ඕස්ට්‍රෙලියාව අතර තරගය ලබන 05 වෙනිදා පැවැත්වෙනවා. මෙම තුන්කොන් තරගාවලියේදී සෑම කණ්ඩායමක්ම තරග 06 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.
අවසන් මහා තරගය ජුනි මස 26 වැනිදා පැවැත්වෙනවා.
Friday, June 3, 2016
අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව, කොදෙව් තුන්කොන් තරගාවලිය ඇරඹෙයි
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment