වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ මහතාට මීගමුවේදී ඊයේ (02) එල්ල වූ මැර ප්‍රහාර රජය තරයේ හෙළාදකියි.
මෙම නිවට බියගුළු ක්‍රියාව රජයේ තරයේ හෙළාදකින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනි ගුණතිලක මහත්මිය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඊයේ පෙරවරුවේ මීගමුව නගර සභා රැස්වීම වාර්තා කිරීමට ගොස් එම භූමියෙන් පිටතට පැමිණි අවස්ථාවේදී ඒ මහතාට මෙම ප්‍රහාරය එල්ල වී තිබිණ.
නිදහස් ජනමාධ්‍ය සංස්කෘතිය ආරක්ෂා කිරීම රජයේ ප්‍රතිපත්තිය වන බවත්, පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ නියම් හා අනියම් ආකාරයේ ජනමාධ්‍ය මර්දනය කිනම් ආකාරයකින් හෝ මතු නොවීමට කටයුතු කිරීම වෙනුවෙන් රජය ගැඹුරින් පෙනී සිටින බවත් එම නිවේදනයේ දැක්වෙයි.
ඒ සමගම නිදහස් මාධ්‍ය සම්ප්‍රදාය ගරු නොකරන දූෂිත බලවේග රටේ අහුමුළුවල තවමත් ක්‍රියාත්මක වෙමින් ඇති බවත්, වහාම මේ පිළිබඳ සොයාබලා ෆ්‍රෙඩි ගමගේ මහතාට ආරක්ෂාව සලසන ලෙසට ද රජය පොලීසියට දැනුම්දී ඇති බවත්, එකී නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
No comments:
Post a Comment