නීතිවිරෝධී ආකාරයට අලි පැටවෙකු ළඟ තබාගත් බවට චෝදනා එල්ල වී සිටින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (02) ඇප නියම කර තිබේ.
අනිවාර්යය නිවාඩු යවා සිටින තිළිණ ගමගේ මහතා ඊයේ නීතිඥවරුන් සමග ගංගොඩවිල අධිකරණයට බාරවිය. එහිදී ඔහු රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හැරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කර ඇත.
ලබන 07 වැනිදා ඔහුට රහස් පොලිසියේ පෙනී සිටින ලෙසද නියෝග කර ඇති අතර විදෙස් ගමන් තහනම් කර තිබේ.

No comments:
Post a Comment