මාධ්‍ය නිසා කෝලි සහ අනුෂ්කා මෝටර් රථයක් තුළම සිපවැළඳ ගනී (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 5, 2016

මාධ්‍ය නිසා කෝලි සහ අනුෂ්කා මෝටර් රථයක් තුළම සිපවැළඳ ගනී (VIDEO)

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සහ රංගන ශිල්පිනියක වන අනුෂ්කා ශර්මා මෝටර් රථයක සිපවැළඳ ගැනීමේ වීඩියෝවක් මාධය මගින් වාර්තා කළා.

ඉකුත් 03 වැනිදා සිදු ව ඇති මෙම සිදු වීම මුම්බායි ගුවන් තොටුපළේදී සිදු වූ බවයි මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. අනුෂ්කා සිය චිත්‍රපටියක රූගත කිරීම් සඳහා පිටව යෑමට මුම්බායි ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති අතර ඇයව හමුවීමේ අරමුණින් විරාත් කෝලි ද ගුවන් තොටුපළට පැමිණ තිබෙනවා. 


කෙසේවෙතත් මාධ්‍යවේදීන්ගේ කැමරා නිසා එම හමුව මෝටර් රථය තුළට පමණක් සීමා වී තිබෙනවා. එහිදී විරාත් කෝලි අනුෂ්කාට සිය කටයුතු සඳහා පිටව යෑමට පෙර සුභ පතා කෙටි සිපවැළඳ ගැනීමක නිරත වී තිබෙනවා. මෙම සිදුවීම අසළ සිටි මාධ්‍යවේදීන්ගේ කැමරාවල සටහන් වීමත් සමග එය අන්තර්ජාලය හරහා වේගයෙන් සංසරණය වී තිබෙනවා.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි) 








 

No comments:

Post a Comment

Post Bottom Ad