දඹුලු විහාරයේ සිතුවම් වනසයි   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 5, 2016

දඹුලු විහාරයේ සිතුවම් වනසයි  

රන්ගිරි දඹුලු විහාරයේ බුදු පිළිම වහන්සේලා සහ සෙල් ලිපිවලට කිසියම් පිරිසක් හානි සිදු කර ඇති බව සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහනායක දඹුලු රජමහා විහාර හා දේවාල භාරකාර පූජ්‍ය ඉනාමළුවේ ශ‍්‍රී සුමංගල හිමි පවසයි.

උන්වහන්සේ සඳහන් කළේ බුදු පිළිම වහන්සේලා සහ සෙල් ලිපිවලට හානි වන අයුරින් කිසියම් පිරිසක් ඉංග්‍රීසි අක්ෂර ලියා ඇති බවයි. අසනීපයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට තමන් විදෙස් ගතව සිටි සමයේ මෙය සිදුව ඇති බවට උන් වහන්සේ අවධාරණය කරයි.

අකුණු වැදීම හේතුවෙන් එම කාලය තුළ විහාරස්ථානයේ පැවැති සී.සී.ටී.වී කැමරා පද්ධතිය ද අක්‍රිය වී ඇති බව ඉනාමලුවේ ශ්‍රී සුමංගල හිමි සඳහන් කළහ. ඓතිහාසික වටිනාකමිකන් යුත් දඹුලු රජමහා විහාරයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් සේවයේ යොදවා සිටි අවස්ථාවක මෙවැනි සිදුවීමක් සිදුවීම සම්බන්ධයෙන් දැඩි ලෙස කම්පා වන බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (04) දඹූල්ල පොලීසියට පැමිණිලි කිරිමට පියවර ගත් බව ද උන් වහන්සේ සඳහන් කළහ.

No comments:

Post a Comment

Post Bottom Ad