පන්නල වැටකයාව බස් නැවතුම්පොළේ දී කරන ලද වෙඩි තැබීමකින් පසුගිය මස 29වන දා ඝාතනයට ලක්වූ පුද්ගලයා පිළිබඳව තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණ කරන ලද මෙම වෙඩි තැබීමෙන් බස් නැවතුම්පොළේ සිටි කාන්තාවක් ද මරණයට පත්වුණා. ඩී.එම්. අනුර රුවන් කුමාර නම් වන එහිදී මිය ගිය පුද්ගලයාට වෙඩි තබන ලද පුද්ගලයාගේ බිරිඳව ද මියගිය රුවන් හෙවත් ලොකූ නැමැත්තා මීට පෙර පැහැරගෙන ගොස් තිබෙනවා.
එමෙන්ම මාකඳුර තැපැල් ස්ථානය කැඩීම සහ සමුපකාරයේ මුදල් ලක්ෂ 27ක් ගිනි අවි පෙන්වා මංකොල්ල කෑම සම්බන්ධයෙන් ද මියගිය පුද්ගලයාට චෝදනා එල්ල වී තිබෙනවා. මත්ද්‍රව්‍ය බෙදාහැරීම ,බූරු පොළ පවත්වාගෙන යාම,කුකුළන් කෙටවීම යන නීති විරෝධී ක්‍රියා මගින් මුදල් උපයා ඇති ඔහු වෙඩි තබන ලද පුද්ගලයාගේ කකුල් දෙකද මීට පෙර කඩා තිබෙන බව පරීක්ෂණවල දී හෙළිවී තිබෙනවා.
වැලි මැටි ව්‍යාපාරයේ යෙදෙන පුද්ගලයන්ගෙන් කප්පම් ගෙන ඇති මෙම ලොකූ නැමැත්තා තරුණයන් සියයකගේ පමණ කකුල් කඩා දමා ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Sunday, June 5, 2016
Home
ප්රවෘත්ති
පන්නල වෙඩි කෑවේ කොල්ලන් සිය ගණනකගේ කකුල් කැඩූ ලොකූ- වෙඩි තිබ්බේ කකුලක් කැඩුණු කොල්ලෙක්! (PHOTOS)
පන්නල වෙඩි කෑවේ කොල්ලන් සිය ගණනකගේ කකුල් කැඩූ ලොකූ- වෙඩි තිබ්බේ කකුලක් කැඩුණු කොල්ලෙක්! (PHOTOS)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)



No comments:
Post a Comment