මුහුදු රළ දරුණු වෙයි – අනතුරු ඇඟවීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 5, 2016

මුහුදු රළ දරුණු වෙයි – අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 24 තුළ මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව සඳහන් කරනවා.

එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මන්නාරම් බොක්ක ප්‍රදේශයේ සහ ත්‍රිකුණාමල මුහුදේ සුළඟේ වේගය පැ.කි.මී. 60 - 65 දක්වා වැඩි වන බැවින් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවයි.

මේ අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වලද සුළඟේ වේගය පැ.කි.මී. 50 පමණ දක්වා ඉහල යා හැකි බැවින් මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව වැඩිදුරටත් සඳහන් කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad